එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රතිපත්ති පර්යේෂණ සංවිධානයක් වන Public First සංවිධානය විසින් Uber ආයතනයේ 2021 ශ්‍රී ලංකා ආර්ථික බලපෑම් වාර්තාව එළිදැක්වීම (03) කොළඹදි සිදුකෙරිණි.
එම විශ්ලේෂණයට අනුව, Uber සහ Uber Eats 2021 දී ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් බිලියන 81කින් දායක වී ඇති අතර, පාරිභෝගිකයින්, රියදුරන් සහ බෙදාහැරීමේ හවුල්කරුවන් මෙන්ම සමස්ථ සමාජයම මෙම ආර්ථික පරිවර්තනයට දායක වූ ආකාරය වාර්තාවෙන් පෙන්වා දී ඇත.
Uber ආයතනයේ ආසියා පැසිෆික් කලාපයේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ මයික් ඔර්ගිල් මහතා, Uber ආයතනයේ ඉන්දියාව සහ දකුණු ආසියා කලාපීය මෙහෙයුම් අධ්‍යක්ෂ, ශිව ශෛලේන්ද්‍රන් මහතා, Uber Eats හි මෙරට කළමණාකාරිනී භාව්නා ඩඩ්ලනී ජයවර්ධන මහත්මිය ඇතුළු Uber ශ්‍රී ලංකා නායක කණ්ඩායම් සාමාජිකයින් සහ Uber Rides හි මෙරට කළමණාකාරිණී තනුෂිකා සිවනාදන් මෙනවිය යන පිරිස් සහභාගී විය.
වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් Uber ආසියා පැසිෆික් කලාපීය රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ මයික් ඔර්ගිල් මහතා පැවසුවේ Uber ආයතනය 2015 සිට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේදී වැදගත් නියමුවෙක් වී සිටි නමුත් එම දායකත්වයේ සංඛ්‍යාත්මක ප්‍රමාණයක් පිළිබඳ ඔවුනට නිවැරදි අවබෝධයක් නොතිබූ බවයි. මෙම වාර්තාව මගින් රියදුරන්ට,බෙදාහැරීමේ හවුල්කරුවන්ට, පාරිභෝගිකයින්ට සහ සමස්තයක් ලෙස ආර්ථිකයට ඇති බලපෑම පළමු වරට පෙන්නුම් කරන බවත් එමඟින් නම්‍යශීලී රැකියා අවස්ථා වල වැදගත්කම පෙන්වාදෙන බවයි. එමෙන්ම පුළුල් විකල්පයන් සහ ඉල්ලුම පදනම් කරගෙන සේවා සපයන නිසා එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයට වටිනාකමක් නිර්මාණය වී ඇති බවයි. අවසාන වශයෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම වාර්තාව නිසා ශ්‍රී ලංකාවේ වර්ධනයට දායක වීම සඳහා අඛණ්ඩව වැඩ කිරීමට සහ ඔවුන්ගේ තාක්‍ෂණික ගෝලීය විශේෂඥතාව යෙදවීමට ඇති අරමුණ වෙන කවරදාටත් වඩා ශක්තිමත් වන බවයි.
මෙම වාර්තාව මඟින් ආර්ථික දායකත්වය පිටුපස ඇති සාධක, ක්ෂේත්‍රයේ ආරක්ෂාව සහ තිරසාරභාවය වැඩිදියුණු කිරීම පිළිබඳව ගැඹුරින් සොයා බලයි. Uber සහ Uber Eats යන වේදිකා දෙකම වෙනස්වන අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩව පරිණාමය වී ඇති ආකාරය, කාලය ඉතිරි කර ගැනීම සඳහා තාක්ෂණය භාවිතා කිරීම, විකල්ප පරාසයක් සහ තෝරා ගැනීම් පහසු කිරීමේ යාන්ත්‍රණය, කුඩා ව්‍යාපාර සඳහා සහාය වීම සහ ශ්‍රී ලංකාවේ දහස් ගණන් රියදුරන් සහ බෙදාහැරීමේ හවුල්කරුවන් සඳහා නම්‍යශීලී ඉපැයීම් අවස්ථා ලබා දුන් ආකාරය පෙන්වා දෙයි.
එම වාර්තාවේ ප්‍රධාන සොයාගැනීම් අතර ශ්‍රී ලංකා ආර්ථිකයට Uber ආයතනයේ දායකත්වය මෙසේ දැක්වේ.
Uber සහ Uber Eats මඟින් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇස්තමේන්තුගත ශ්‍රී ලංකා රුපියල් බිලියන 81 කින් දායක වී ඇත,Uber (27 බිලියන ) සහ Uber Eats (25 බිලියන ) එක්ව 2021 දී ශ්‍රී ලංකා රුපියල් බිලියන 52 ක පාරිභෝගික අතිරික්තයක් නිපදවා ඇති අතර එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.3% ට සමාන වේ.වැඩි දියුණු කරන ලද කුඩා ව්‍යාපාර මගින් ඉල්ලුමට සරිලන සේවාව,මෙම වේදිකා දෙක මගින් ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශය නොමැති දේශීය ආපනශාලා සහ වෙළෙන්දන්ට සහාය වීමට දිරිගන්වන ලද අතර එමඟින් රුපියල් බිලියන 2.1 ක අමතර ආදායමක් ලබා ගැනීමෙන් සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් බිලියන 51 ක දළ ආදායමක් නිර්මාණය කළේය.
Uber Eats භාවිතා කරන්නන්ගෙන් 88%ක් ආහාර බෙදාහැරීමේ යෙදුම් (apps) මගින් නව අවන්හල් සොයා ගැනීම පහසු කර ඇති බව පවසයි,පරිශීලකයින්ගෙන් 74%ක් ඔවුන් පෙර කිසිදා ආහාර නොගත් අවන්හල්වලින් ඇණවුම් කර ඇත.
රියදුරන් සහ බෙදාහැරීමේ පුද්ගලයින්ට නම්‍යශීලී වීම,2021 දී, Uber විසින් රියදුරන්ට වාර්ෂිකව අතිරේක රුපියල් මිලියන 775ක් උපයා ගැනීමට උපකාර වී ඇත.
