23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සිමෙන්ති හා වානේවල මිල සංශෝධනයක් කිරීම සඳහා මේදිනවල කරුණු අධ්‍යනයක- පාරිභෝගික කටයුතු...

සිමෙන්ති හා වානේවල මිල සංශෝධනයක් කිරීම සඳහා මේදිනවල කරුණු අධ්‍යනයක- පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය.

මූලික පාරිභෝගික භාණ්ඩවලට උපරිම මිල සීමාවන් නියම කිරීමට රජය සැලසුම් කර ඇත . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින්ද මේ බව අවධාරණය කළේය .

උද්ධමනය ඉහළයාම පාලනය කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය .

මේ සම්බන්ධයෙන් TOP NEWS ASIA පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් සිදුකළ විමසුමකට පිළිතුරු දුන් එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියා සිටියේ ලෝක වෙළෙඳ පොළේ ‌ සිමෙන්ති හා වානේවල මිල ගණන් හා නැව් ගාස්තු පිළිබඳ කරුණු අධ්‍යනයක් කරමින් සිටින අතර ඉන් පසු ජනතාවයට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට පියවර ගන්නා බවයි.

නිෂ්පාදකයින්ගේ අත්තනෝමතික මිල ඉහල නැංවීම් හරහා පීඩාවට පත්ව සිටින පාරිභෝගික ජනතාවට යම් සහනයක් සැලසීමට මෙම පියවර හරහා හැකිවනු ඇති බව පාරිභෝගික අධිකාරියේද අදහස වී ඇත .

විශේෂයෙන්ම , සිමෙන්ති හා වානේ සඳහා නැවත පාලන මිලක් ක්‍රියාත්මක කරලීම පිළිබඳ පාරිභෝගික අධිකාරිය දැනටමත් රජයට යෝජනා කර ඇත .

මේ ආකාරයේ පාලන මිලක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වානේ හා සිමෙන්ති කම්හල් හිමියන් , පසුගිය වසර පුරාවට කිසිදු සීමාවකින් තොරව අවස්ථා කිහිපයකදීම තම නිෂ්පාදනවල මිල ඉහළ නංවා ඇත .

විශේෂයෙන්ම දේශපාලකයින්ගේ සහය හා ආරක්ෂාව යටතේ මෙම කම්හල් හිමියන් ඉතා අධික හා අසාධාරණ ලෙස ලාභ ලබා ඇති බවටද මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් ඇත ,

බැසිල් රාජපක්ෂ මහතා , මුදල් අමාත්‍යවරයාව සිටි කාලසීමාවේදී , සිමෙන්ති සඳහා පනවා තිබු පාලන මිල ඉවත්කළ අතර ඒ හරහා සිමෙන්ති මිල 300% ක ප්‍රමාණයකින් ඉහල ගියේය .

මේ අතර වානේ සඳහා කිසිදු පාලන මිලක් නොපැනවින . “ලංවා නන්දන ” ලෙසින් කුප්‍රකට පුද්ගලයෙකු හා එක්ව වානේ ව්‍යාපාර කටයුතුවල නිරතව වූ බවට , රාජපක්‍ෂ පවුලේ ඇතැම් සාමාජිකයින් වෙතද පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ලවිය . එම චෝදනාවන් ඔවුන් විසින් තරයේ ප්‍රතික්‍ෂේප කල නමුත් , අවසානයේ සිදුවුයේ , වානේ සඳහා මිල පාලනයක් සිදුනොකිරීම හා එහි ප්‍රතිඵලයක් ලෙස , රුපියල් 125000 පමණ මිලකට පැවති වානේ මෙට්‍රික් ටොන් එකක මිල රුපියල් 625000 දක්වා ඉහල යාමය .

සිමෙන්ති සහ වානේ ඉන්දියාවෙන් ආනයනය කළහොත් ,දැනට පවතින මිලට වඩා සියයට 50කට වඩා අඩු මිලකට ඒවා අලෙවි කල හැකි බවටද ආර්ථික විශේෂඥයින් පෙන්වාදී ඇත .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments