26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedසුදු සැරයටි දින කොඩිය ජනාධිපති ලේකම්ට පළඳවයි

සුදු සැරයටි දින කොඩිය ජනාධිපති ලේකම්ට පළඳවයි

ජාත්‍යන්තර සුදු සැරයටි දිනයට සමගාමීව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත කොඩිය පැළඳවීම අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපති කාර්යාලයේ වියදමින්, දෘශ්‍යාබාධිත වූවන් වෙනුවෙන් ලබා දුන් සුදුසැරයටි 300ක් සංකේතාත්මකව දෘශ්‍යාබාධිත සංගමය වෙත පිරිනැමීම ද ජනාධිපති ලේකම්වරයා අතින් සිදු කෙරිණි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙහිදී සඳහන් කළේ දෘශ්‍යාබාධිත පිරිස් මුහුණ දෙන ගැටලු විසඳීමට ජනාධිපති කාර්යාලය හැකි උපරිම සහයෝගය ලබා දෙන බවයි.

දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි මෙම සංගමය පිහිටුවා ඇති බවත් දෘශ්‍යාබාධිත කාන්තාවන්ගේ සුභසිද්ධිය උදෙසා ආබාධිත කාන්තා සංගමය එහි එක් ශාඛාවක් ලෙස ක්‍රියාත්මක වන අතර, ආබාධිත තරුණයින්ගේ ගැටලු විසඳීම සඳහා ආබාධිත තරුණ සංගමයක් ද ක්‍රියාත්මක බව මෙහිදී අදහස් දැක්වූ ජාතික දෘශ්‍යාබාධිත සංගමයේ ලේකම් ප්‍රසන්න වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සංගමයේ සභාපති කමල්සිරි නානායක්කාර මහතා ඇතුළු සංගමය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments