ප්‍රබල මත්ද්‍රව්‍ය ජාරම්කරුවන් වන දැනට ප්‍රංශයේ සැඟව සිටින රූබන් නැමති මත්ද්‍රව්‍ය ජාවරම්කරු සහ ලාල් පීරිස් නොහොත් කුඩු ලාල්ගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 12 කට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරින්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මග පෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක රාජනායක සහ පොලිස් සැරයන් 19082 සමරවික්‍රම ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) කිරිබත්ගොඩ සහ ග්‍රෑන්ඩිපාස් පොලිස් වසමේ කිරිබත්ගොඩ – හුණුපිටිය මාර්ගයේ, කොමර්ෂල් බැංකුව අසල දී සහ කොස්ගස් හන්දිය මාර්ගයේ දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 මිලි ග්‍රෑම් 640 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සඳහා ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි මෙත්සද සෙවන, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 780 ක් සන්තකයේ තබාගෙන සිටි දම්මල්වත්ත, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක් පුද්ගලයකු කිරිබත්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථාන වෙත භාර දී ඇත. දැනට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාරම්කරුවන් වන දැනට ප්‍රංශයේ සැගව සිටින රූබන් නැමති මත්ද්‍රව්‍ය ජාවරම්කරු සහ ලාල් පීරිස් නොහොත් කුඩු ලාල් සමඟ ඍජු සම්බන්ධකම් පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට කරුණු අනාවරණය වී ඇත.
මහා පරිමාණයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය කලාප අණදෙන නිලධාරී මහනුවර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.පී.ජි.එස්. රත්තේපිටිය මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ඩී.එම්.යූ.කේ. අබේරත්න මහතාගේ මඟ පෙවන්වීම මත විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.එල්. ක්‍රිෂාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) ආරච්චිකට්ටුව පොලිස් වසමේ වසමේ බුරුතකැලේ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 213 මිලි ලීටර් 750 ක්, ගෝඩා ලීටර් 6,595 ක් සහ මත්පැන් පෙරීමේ උපකරණ තොගයක් සන්තකයේ තබාගෙන සිටි බුරුතකැලේ, හලාවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක සහ 37 ක පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ආරච්චිකට්ටුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
දඩයම් කරනු ලැබු වල් ඌරකු, වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සහ බඳින තුවක්කුවක් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී මහනුවර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඒ.වි. දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී. පෙරේරා මහතාගේ මඟ පෙවන්වීම මත විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ උප පොලිස් පරීක්ෂක බී.ඊ.ජී. ලියනසේන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) සෙවනගල පොලිස් වසමේ වසමේ උස්වැලිආර, කොවුල්ආර ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර නීති විරෝධී ලෙස දඩයම් කරන ලද වල් ඌරකු සහ වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සහ බඳින තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි සෙවනගල සහ පන්නල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62ක් සහ වයස අවුරුදු 22 ක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා උඩවලව අඩවි වන කාර්යාලය වෙත භාර දී ඇත.වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ආරච්චිකට්ටුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත