29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 32 වන අන්තර්ජාතික මුහුදු...

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 32 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම සාර්ථකව නිමාවට පත්වෙයි

 ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 32 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම ( 04)  කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේදී සාර්ථකව පවත්වන ලදී.

දෙරටේ නාවික හමුදාවන් සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු අතර අන්‍යෝන්‍ය අව‍බෝධය වර්ධනය කර ගැනීම තුළින් ඉන්දීය සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජයගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම උදෙසා මෙම රැස්වීම වාර්ෂිකව පවත්වනු ලබයි. ඒ අනුව, 32 වන වරට පවත්වන ලද මෙවර රැස්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා දූත පිරිස උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ ප්‍රධානත්වයෙන් සහභාගී වූ අතර, ඉන්දීය නාවික හමුදා දූත පිරිස ඉන්දියාවේ තමිල්නාඩු සහ පුඩුචෙරි නාවික ප්‍රදේශයේ ධජ නිලධාරී රියර් අද්මිරාල් එස් වෙන්කට් රාමන් (Rear Admiral S Venkat Raman – Flag Officer Commanding Tamil Nadu and Puducherry Naval Area) ගේ ප්‍රධානත්වයෙන් සහභාගී වන ලදී.

මෙම රැස්වීමේදී දෙපාර්ශවය විසින් දෙරටේ මුහුදු සීමාවන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අනයෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සහ මීට පෙර පැවති අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම් තුලදී සාකච්ඡා කරන ලද කරුණු වලට අදාල ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කෙරිණි.  

මෙම රැස්වීම සඳහා උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නලින්ද්‍ර ජයසිංහ, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, කොමදෝරු නිලන්ත හේවාවිතාරණ, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු බුද්ධික ලියනගමගේ සහ අධ්‍යක්‍ෂ නාවික බුද්ධි ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටි අතර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් විකාස් සූඩ් ද  මේ සඳහා සහභාගී විය. එමෙන්ම, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.


RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments