අපි සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය ලෙස වසර පනහක කාලයක් විවිධ අයුරින් රටේ ප්‍රවර්ධනයට කාර්යභාර්ය ඉටුකර තිබෙන බව එහි සභාපති සරත් ගමගේ මහතා ප්‍රකාශ කරයි.
ඒ් අනුව අපේ යෝජනාවක් ලෙස මෙම ආයතනයේ 50 වන සංවත්සරයට සමගාමිව ‘ජාතික සැපයුම් දාම දිනයක්’ ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවය රජයේ අවධානයට යොමු කිරීමෙන් පසු ශ්‍රී ලංකා රජය සෑම වසරකම ඔක්තෝබර් 24 වන දින “ජාතික සැපයුම් දාම දිනය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඒ් මහතා මේ බව සඳහන් කළේ ඉකුත් දින විද්වත් වෘත්තීය සංගමයේ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදි වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වු සභාපතිවරයා මෙසේද කීය.
මේවනවිට අපේ රටේ පවතින ආනයන අපනයන ප්‍රශ්නයක් ඊට ඩොලර් ගැටලුවත් බලපානවා. ඊට හේතුව අපනයන අඩුවීම සහ ආනයන වැඩිවීම. මෙය අපි ආයතනයක් ලෙස තේරුම්ගෙන අපනයන ක්ෂේත්‍රය වැඩිකරන්නේ කොහොමද කියලා අධ්‍යනයන් සිදුකළා. අපේ අසල්වැසි රටවල් වන ඉන්දියාව, සිංගප්පූරුව ඒ් රටවල් නිරන්තරයෙන් අපනයන වැඩිකරන්න දිරිමත් කරනවා. අපනයන වැඩිකළොත් තමයි ඩොලර් රටට ගලා එන්නේ. මේ පිළිබඳ රජයට තේරුම්කර දෙන්න පුළුවන් තරම් අපි උත්සයක් කළා. සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකාරිත්වය තුලින් ඩොලර් ආදායම වැඩිකරන්න. ඒ්ක රජය තේරුම් ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස සෑමවසරකම ඔක් . (24) ජාතික සැපයුම්දාන දිනයක් ලෙස නම් කෙරුවා. අපි ඉන් බලාපොරොත්තු වෙනවා මින් කතිකාවක් බිහිවෙයි 24වෙනිදා මෙවැනි දිනයක් නම් කළේ ඇයි එහි අවශ්‍යතාවය කුමක්ද කියලා පාලකයින් වැදගත්කම තේරුම් ගනීයි. ඒ් අනුව සැපයුම්ද්‍රව්‍ය කළමනාකාරිත්වය තුලින් රටට අවශ්‍ය ඩොලර් ටික ගෙන්වා ගන්න පිටුවහලක් වෙයි කියලා විශ්වාස කරනවා.
මේවනවිට රටේ ලොකු ආහාර හිඟයක් තිබෙනවා. මේ පිළිබඳ විශ්ලේෂණය කරනවිට ප්‍රවාහනයේදී විනාශ වෙනවා. ඊට විසඳුමක් ලෙස අපි යෝජනා කෙරුවා. අනෙක් රටවල් සමග කල්පනා කොට බලන විට දුම්රිය මගින් තමයි එළවළු, පළතුරු හා කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය සිදුකරන්නේ. ලංකාවේ අවසනාවන්ත ලෙස එය සිදුවන්නේ නැහැ. අපේ සෑම දුම්රිය නැවතුම්පොළකම වගේ තිබෙනවා ඒ් කාලයේ ඉදිකළ ගබඩා ඒ්වා වසා දමයි දැන් තිබෙන්නේ. මම මෙහි සභාපති ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට මේක පෙන්වා දුන්නා. ඒ් මහතා ඒ්ක පිළිගත්තා. ඒ් සඳහා අපිට සාකච්ඡාවක් ලබාදුන්නා. මම ඉදිරිපත් කළ සංකල්පය අගමැති පිළිගත්තා දුම්රිය ප්‍රවාහනය සංවර්ධනයවීමේ තිබෙන රටට සිදුවන යහපත අපි පෙන්වාදුන්නා. රටේ ආහාර නිෂ්පාදනයෙන් 40%ක් විනාශ වෙනවා කියන්නේ මිල වැඩිවෙන්නත් එය බලපානවා. මේ පිළිබඳ තවත් සාකච්ඡා කිහිපයක් ඉදිරියේදි පැවැත්වීමට නියමිතයි.
සභාපති සරත් ගමගේ මහතා සංවර්ධන හා පුහුණු කමිටුවේ වත්මන් සභාපතිවරයා ද වන සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ තේරී පත්වීමට නියමිත සභාපති ජයන්ත ගාල්ලහේවා මහතාගේ සංකල්පයක් මත, විශ්‍රාමික මේජර් ජෙනරාල් රේනක උඩවත්ත මහතාගේ සක්‍රිය දායකත්වයද සහිතව කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග සිදු කරන ලද සාකච්චා වල ප්‍රතිඵල වශයෙන් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර් ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය ඔක්තෝබර් 26 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශයට පත් කරන ලදී.
පාරිභෝගික භාණ්ඩයක වටිනාකම උපරිම කිරීමට සහ වෙළඳපල තුළ තරඟකාරී වාසි ලබාගැනීම සඳහා ව්‍යාපාරයක සැපයුම්දාමයන් සංවර්ධනය කිරීමේ පිළිබඳව දේශීය ව්‍යාපාර හා ව්‍යවසායන් අතර, දැනුවත්භාවය වර්ධනය කිරීමේ අරමුණින් ජාතික සැපයුම්දාම දිනයක් ප්‍රකාශයට පත්කිරීමේ යෝග්‍යතාව සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය මගින් පෙන්වා දී ඇති බැවින් මෙම තීරණය ගත් බව ද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශයට පත් කරන ලදී.