සූරියවැව ප්‍රදේශයේ මහවැලි මහවැලිකඩආර වැවේ (12) දහවල් ඔරුවක් පෙරළීපිරිසක් දියෙගිළි අතරුදන්වී තිබෙන අතර නවතම තත්ත්වය ඉන් අතුරුදන්වු ගැහැණු ළමයි තිදෙනාගෙන් වයස අවුරුදු දහයේ එක් අයකුගේ මළ සිරුර හමුවි තිබෙනවා.
වැඩිදුරටත් ප්‍රදේශවාසීන් හා පොලිසියේ නිලධාරින් ඔරුවේ ගිය පිරිස සොයා මෙහෙයුම් කටයුතු සිදුකරමින් සිටියි. මෙම ඔරුවේ අටදෙනකු ගමන් කළ බවට තොරතුරු ලැබි තිබෙනවා. ඉන් පස්දෙනකු බේරාගෙන තිබෙනවා. බේරාගත් පිරිස අතර මාස අටක බිළිදෙකු සිට තිබෙනවා. ඒ බිළිඳා රෝහල්ගත කර තියෙනවා. බේරාගත් අනෙක් අයගේ තත්ත්වය බරපතල නැහැ.
අතුරදන්වු ගැහැණු ළමුන් තිදෙනවා වයස අවුරුදු 17,18 සහ 10වෙති. මේ අය සෙවිීම සඳහා සූරිය වැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් ජීවිතආරක්ෂක කණ්ඩායමක් හා නාවික හමුදාව කැඳවා තිබෙනවා.
ඔරුවේ සිටි පිරිස කරුණෑගල පදිංචි අය බවට හඳුනාගෙන තිබෙනවා. මේ අය සූරියවැව සිටින ඒ් අයගේ ඥාතියෙකුගේ නිවසකට පැමිණ තිබෙනවා උත්සවයක් සඳහා. මාළු අල්ලන්න යොදාගන්නා කුඩාඔරුවක මේ පිරිස ගමන් කර තිබෙන අතර වැව මැදදි ඇතිවු ආපදා තත්ත්වයක් නිසා මේ අනතුරට මුහුණ පා තිබෙන බව තමයි පොලිසිය සඳහන් කරන්නේ.
ඒ් නිසා ජනතාවට අපි තරයේ අවවාද කර සිටිනවා ඥාතීන්ගේ නිවෙස් වලට ගොස්, විනෝදගමන් යෑමේදි අභ්‍යන්තර ජලාශවල දියනෑමේදි විනෝදවීමේදි අවධානයෙන් කටයුතු කරන්න නැත්නම් මේ ආකාරයේ අනතුරුවලට ඔබටත් මුහුණ පාන්න සිදුවෙයි.