එල්.ටී.ටී.ඊ. යුධ සමයේ භාවිතා කරනු ලැබු බවට සැක කෙරෙන පුපුරණ ද්‍රව්‍ය තොගයක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී කේ.ජී.ජී.ජී. නිශාන්ත මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිළධාරී පොලිස් පරීක්ෂක පී.එච්.ඩී.සී. කුමාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.11.16 වන දින මුලතිව් පොලිස් වසමේ මුල්ලිවයික්කාල් බටහිර ප්‍රදේශයේ යුධ සමයේ එල්.ටි.ටී.ඊ සංවිධාය විසින් ස්ථාපිත කර තිබූ වෙළද මධ්‍යස්ථාය ආසන්නයේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර එල්.ටී.ටී.ඊ. යුධ සමයේ භාවිතා කරන ලද බවට සැක කෙරෙන පුපුරණ ද්‍රව්‍ය තොගයක් සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි මි.මී. 60 මෝටාර් උණ්ඩ 04ක්, ආගස්ට් වර්ගයේ බෝම්බයක් තිබි සොයාගෙන ඇත.
ජාතික සමිපතක් වන දළ ඇතුන් මරා,ගන්නා ලැබු ගජමුතු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ඔළුවිල් නාවික හමුදා කදවුරේ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව අම්පාර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී නලින් පෙරේරා මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ උප පොලිස් පරීක්ෂක එම්.ජි.ඒ.කේ. ජයශ්‍රි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) අම්පාර පොලිස් වසමේ ලංකා බැංකුව ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ජාතික සමිපතක් වන දළ ඇතුන් මෙලෙස මරා, ගන්නා ලද ගජමුතු සහ හදුනා නොගත් පාෂණයක් සන්තකයේ තබාගෙන සිටි උඩහමුල්ල, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දී ඇත.
