30.8 C
Sri Lanka
Friday, June 27, 2025
Homeදේශීය පුවත්පාලනය කර තිබු බෝවන රෝග යළි එසවීමේ අනතුරක්-සෞඛ්‍ය අමාත්‍යාංශය

පාලනය කර තිබු බෝවන රෝග යළි එසවීමේ අනතුරක්-සෞඛ්‍ය අමාත්‍යාංශය

පාලනය කර තිබූ ඇතැම් බෝවන රෝග යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වාදෙන්නේ ලාදුරු සහ ක්ෂය රෝගය යළි මෙරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවය. 

රෝග පාලනයට නිසි පියවර නොගත හොත් ඉදිරියේදී දැඩි අවධානමකට මුහුණදීමට සිදුවනු ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

“ලංකාවේ බහුලව පැවති බෝවන රෝග ගණනාවක් මේ වනවිට අපි තුරන් කරලා තියෙනවා. මැලේරියාව, සරම්ප වැනි රෝග. ඒ වගේම ලාදුරු රෝගය වැනි දේවල් බොහෝදුරට පාලනය කරලා තියෙනවා. නමුත් මේ මොහොත වනවිට අපිට පෙනී යනවා. ඒ රෝග ඒ ආකාරයට පාලනය වෙනකොට විශේෂයෙන්ම මේ දක්වා තුරන් කිරීමට ඉතාම ආසන්නව පැවති ලාඳුරු නැවත හිස ඔසවමින් තිබෙන බවට වාර්තා වෙනවා. ඒ වගේම තමා ලංකාවේ මාරාන්තිකම බෝවන රෝගය ලෙස අපිට මේ මොහොතේ සලකන්න පුළුවන් වෙන්නේ ක්ෂය රෝගය. නමුත් මේ ක්ෂය රෝගය පිළිබඳ අපේ අවධානය ඉතා අඩුයි. ඒ නිසාම හුඟාක් වෙලාවට රෝගියෙක් හඳුනාගැනීමට ප්‍රමාද වෙනවා. ඒ නිසාම අපිට මේ රෝග තුරන් කිරීමට තියෙන ඉඩකඩ නැති වෙනවා මෙන්ම එක්තරා දුරකට මේ රෝග හිස ඔසවමින් තියෙනවා. එවැනි රෝග තත්ත්වයන් ගැන මීට වඩා වැඩියෙන් අවධානය තිබීම අත්‍යවශ්‍ය බව මම දකිනවා.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments