26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දෙහිවල ප්‍රදේශයක් හුදකලා කෙරේ

දෙහිවල ප්‍රදේශයක් හුදකලා කෙරේ

කොවිඩ් -19 වෛසරය ව්‍යාප්තවීමේ අවදානම සලකා දෙහිවල ජනාකීර්ණ ප්‍රදේශයක් හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

දෙහිවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. බී. අජිත් සංජීව මහතා සඳහන් කළේ දෙහිවල ප්‍රතිබිම්බාරාම පාර, ඇළඉවුර (කැවුම්වත්ත) ප්‍රදේශය මෙලෙස හුදකලා කර ඇති බවය.

එම ප්‍රදේශයේ ඉකුත් 24 වනදා අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 30 දෙනෙකුගේ  PCR පරීක්ෂණ සිදුකර තිබූ අතර ඉන් පුද්ගලයන් 6 දෙනෙකු කොවිඩ් -19 ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු මෙලෙස හුදකලා කිරීමට තීරණය කර තිබේ.

අදාළ ප්‍රදේශයේ පවුල් 26 කට අයත් පුද්ගලයින් 115 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත.

කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු සහ ත්‍රීරෝද රථ රියදුරන් තිදෙනෙකු සිටි.

මෙම පිරිසට වෛරසය ආසාදනය වූ ආකාරය සොයා මේ වනවිට පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවද දෙහිවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. බී. අජිත් සංජීව මහතා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments