මුළු රටම ආවරණය වන පරිදි, ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ, කොළඹ රාජකීය විද්‍යාලය පසුගියදා සංවිධානය කළ 'රෙමානියෝ සම්මාන උළෙල 2020' නියෝජනය කළ කොළඹ ආනන්ද විද්‍යාලීය සිනමා කලා සංසදය හට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබිණි. ලෝකයටම බලපා ඇති කොවිඩ් වෛරස තත්ත්වය හමුවේ වුවද, පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රථම වරට තිරගත වූ, රිවිදු පෙරේරා අධ්‍යකණය කළ 'සත්‍ය අධ්‍යාපනය' නම් කෙටි චිත්‍රපටය වසරේ විශිෂ්ටතම කෙටි චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවි තිබේ. තත්පර අනූවක් පුරා දිවෙන මෙම කෙටි චිත්‍රපටය සදහා දායක වූයේ විනුජ සිල්වා, රිත්මක කරුණාදාර සහ ඩෙවින් මින්දිය. මීට අමතරව හොඳම ගීත රචකයාට හිමි වයස දහනවයෙන් පහල ප්‍රථම ස්ථානය ද රිවිදු පෙරේරා දිනාගත්තේය. පරිසරය හා පාසල් අධ්‍යාපනය අතර වර්තමානයේ ඇතිවී තිබෙන දුරස් බව මෙම කෙටි චිත්‍රපටයේ විශේෂයෙන් අවධානය ට යොමු කර තිබේ.


