21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ගිනිගත් නැවෙන් මුහුදට වන හානිය ඉහළට

ගිනිගත් නැවෙන් මුහුදට වන හානිය ඉහළට

පසුගියදා ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු කලාපයේ තිබීමෙන් සාගර කලාපයට සහ මුහුදු ජීවීන්ට සිදුවන හානිය දිනෙන් දින වැඩිවීමේ අවදානමක් පවතින බවට අනාවරණයවී ඇත.

නැව ශ්‍රී ලංකා සාගර කලාපයෙන් පිටතට රැගෙන යෑම සම්බන්ධව මෙරට රජයේ වගකිවයුතු අංශ සහ නැව අයත් සමාගම අතර සාකච්ඡා සිදුවූවත්,ඒ පිළිබඳව මෙතෙක් නිශ්චිත එකඟතාවකට පැමිණ නොමැත. නැවෙන් සිදුවූ තෙල් කාන්දුව නිසා මෙරට මුහුදු කලාපයට දැඩි හානියක් සිදුවී තිබෙන බවට අනාවරණයවී තිබේ.

නැවේ ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ලංකා රජයට වැයවූ මුදලට අමතරව,පරිසර හානිය ඇතුළු අනෙකුත් කටයුතු සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 5.5කට වඩා වැඩි මුදලක් නැව් සමාගම මෙරටට ගෙවිය යුතු බවට නැව සම්බන්ධව කොළඹදී පෙරේදා (30 වැනිදා) පැවැති සමුළුවකදී සාකච්ඡාවට ලක්ව ඇත.

රජයට වැයවූ මුදලට අමතරව,නැවට අදාළව මෙරට විභාග වන නඩුවේදීද අදාළ සමාගමට දඩයක් නියම කරනු ඇතැයිද පැවසේ.

මෙරට මුහුදු කලාපයට සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා නැව ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් පිටතට යැවීමට රජයේ ඉහළ මට්ටමින් සාකච්ඡා පැවැත්වීමේ අවධානය යොමුවිය යුතු බවද පරිසර අංශ පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments