ඉන්දියාවේ සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙරටදී පවත්වාගෙන යන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයකු රුපියල් ලක්ෂ විසිපහක පමණ වෙළෙඳ පොළ වටිනාකමක් ඇති අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් පන්සීයයි මිලිග්‍රෑම් දෙසිය දහයක් සමග අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක පැවැසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිඹුලාපිටිය දාගොන්න පදිංචි කාරියවසම් ගමරාළලාගේ නුවන් ප්‍රියංක සෙනෙවිරත්න (38) නමැති එක් දරු පියෙකි.
දාගොන්න ප්‍රදේශයේ සිටි වෙනත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයකුට මේවා අලෙවි කිරීමට සූදානම්ව සිටින විට මත්ද්‍රව්‍ය සමග සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.