29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමුකු වන ජිල්ගේ ගෝලයෝ දෙදනකු මත්ද්‍රව්‍ය තොගයක් සමග එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමුකු වන ජිල්ගේ ගෝලයෝ දෙදනකු මත්ද්‍රව්‍ය තොගයක් සමග එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජිල්ගේ කෝටි තිස් දෙක හමාරකට අධික වටිනාකමින් යුත් 12 කි.ග්‍රෑ හෙරොයින් තොගය සමග සැකකරුවන් දෙදෙනකු අංගොඩ ප්‍රදේශයේ ද පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායෙ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස් පති ,නීතීඥ වරුණ ජයසුන්දර මහතා ගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි ( බුද්ධි/ මත්ද්‍රව්‍ය නාශක / විශේෂ මෙහෙයුම් ) සාගර කුලසේකර මහතාගෙ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක දිනේෂ් මහතා ඇතුළු කංඩායමක් විසින් බුද්ධි තොරතුරනට අනුව අංගොඩ ටයර් හංදිය පුදේශයේ නිවසක ඉතාම සූක්ෂම අයුරින් සඟවා තිබූ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජිල් නැමැත්තාටඅයත් හෙරෝයින් 12 කි.ග්‍රෑ පුමාණය ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද දින සමත් විය .මෙම හෙරොයින් වල මුළු වටිනාකම කෝටි තිස් දෙක හමාරකට අධික වෙි.මෙම හෙරොයින්තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇත.

පිස්තෝල අවියක් හා කඩුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව (14) හිගුරක්ගොඩ පොලිස් වසමේ හිගුරක්ගොඩ, 02 කණුව ප්‍රදේශයේ දී විදේශීය නිෂ්පාදිත පිස්තෝල අවියක්, මි.මී. 09 ජීව උණ්ඩ 04 ක්, පතුරම් ගැබක් හා කඩුවක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 49 ක පසුවන 02 කණූව, හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හිගුරක්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම ගිණි අවිය අපරාධ කටයුතු සදහා යොදාගෙන ඇද්ද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අම්පාර සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය අරලගංවිල කදවුරේ දෙවන කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.ඩී.එම්.ආර්.එස්.බී. දසනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

හෙරොයින්,අයිස්,හෑස් යන විෂ මත්ද්‍රව්‍ය සහ මුදල් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ දෙවන කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ටී.බී.ආර්.පී. සිරිවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (12) අම්පාර පොලිස් වසමේ මාෂල් ඔටෝ වාහන ගරාජය අසල සහ බුද්ධංගල පොදු සුසාන භූමිය අසල දී වැටලීම් 02ක් සිදුකර ඇත.
එහි දී හෙරොයින්, අයිස්, හෑෂ් යන විෂ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි අම්පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක් සහ 24ක් වන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් සන්තකයේ තිබී හෑෂ් ග්‍රෑම් 97 මිලි ග්‍රෑම් 914, හෙරෝයින් මිලි ග්‍රෑම් 5,651, අයිස් මිලි ග්‍රෑම් 1,932 ක් සමග මත් ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් රු. 55,000.00 සහ කාර් රථ 01, යතුරු පැදි 01 ක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments