25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedශ්‍රි ලංකා රේගුවේ නත්තල් සැමරුම

ශ්‍රි ලංකා රේගුවේ නත්තල් සැමරුම

රී ලංකා රේගුවේ ක්‍රිස්තියානි සමාජය විසින් සංවිධානය කරන ලද නත්තල් කැරෝල් ප්‍රසංගය ශ්‍රී ලංකා රේගු ශ්‍රවනාගාරයෙදී (15) ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුවා. රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් කිර්ස්ටෝප්ර් නෝනිස් මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කතෝලික සභාව නියෝජනය කරමින් ගරු පියතුමන්ලා පිරිසක් ද මුදල් අමාත්‍යංශයේ අය වැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමා සහ ශ්‍රී ලංකා රේගුවේ සියලු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වුවා. රේගු කැරොල් ප්‍රසංගය වර්ෂ 2011 සිට වාර්ෂිකව අකණ්ඩව 2018 දක්වා සිදුකල අතර මෙවර මෙම ප්‍රසංගය අවුරුදු 3 ක විරාමයකින් පසු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දිරිමත් කිරීම මත සිදුකරනු ලැබුවා.

රේගු කැරොල් කණ්ඩායම රේගු අධ්‍යක්ෂ චානකි රණතුංග, රේගු අධිකාරී තිමල් වර්ණකුලසුරිය, සුජීව පතිනිසේකර සහ ශාන්තිනී දිනේෂ්, සහකාර රේගු අධිකාරී අනුෂ්කා කුරේ, තිලිනි විජේතිලක, සඳලි මද්දුමගේ, තේජානි පෙරේරා, නෙත්මි හසාරා, ජනුලි වෙල්ගම, ප්‍රවීන් ඉන්ද්‍රනාම, හිරන්ත ජයසිංහ, සහන් ජයසිංහ, ඉම්රාන් යූසුෆ්, භාතිය කුමාරසිරි, කසුන් ශවීන්ද සහ විරාජ් කෞශල්‍ය යන මහත්ම මහත්මින් ගෙන් සමන්විත වූ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාදක මඩුල්ල සමගින් සංගීත අධ්‍යක්ෂණය රේගු අධිකාරී වින්ධක වීරසිංහ සහ සහකාර රේගු අධිකාරී අශෝක වෙල්ගම විසින් සිදුකරනු ලැබුවා. ප්‍රසංගය ඉදිරිපත් කිරීම සහකාර රේගු අධිකාරී තිලිනි කුමාර සහ සචිල ද සිල්වා විසින් සිදුකරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments