අයිස් සමඟ පුද්ගලයකු වෙට්ටිකුලම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.පී.ජී.එස්. රත්තේපිටිය මහතාගේ අධීක්ෂණය පරිදි සහකාර පොලිස් අධිකාරී ඩී.එම්.යූ.කේ. අබේරත්න මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය පුත්තලම දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී.එම්.ජේ.පී. දසනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) පුත්තලම පොලිස් වසමේ පලමුවන පටුමග, වෙටිටිකුලම ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුත්තලම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 ක පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 15 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කැබ් රථයකින් ගංජා ගස් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඒ.වී. දිසානායක මහතාගේ අධීක්ෂණය පරිදි සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී. පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය කන්තලේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පී.ආර්.එස්. නුවන් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) සෙවනගල පොලිස් වසමේ උඩවලව වැව් බැම්ම අසල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කැබ් රථයකින් සකස් නොකළ (වියළීම සිදු නොකළ) ගංජා ගස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි තණමල්විල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 ක පුද්ගලයකු ගංජා ගස් කිලෝ ග්‍රෑම් 76 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සෙවනගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සෝමාවති රක්ෂිතයේ වන සතුන් දඩයම්කල පුද්ගලයින් සිව් දෙනෙකු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය කන්තලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.එස්.එන්. ගුණරත්න මහතාගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය කන්තලේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එන්.ඒ.පී. මංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) සේරුනුවර පොලිස් වසමේ පන්සල් ගොඩැල්ල, සෝමාවති රක්ෂිත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අනවසරයෙන් සෝමාවති රක්ෂිතයට ඇතුළු වී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් භාවිතා කරමින් වන සතුන් දඩයම්කර එම මස් ප්‍රවාහනය කරමින් සිටි සේරුනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකු ගිණි අවියක් තියුණු පිහි 02 ක් හා යතුරු පැදි 02 සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සේරුනුවර වන සත්ව අඩවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඒ.එම්.සී. මධුරංග මහතා වෙත භාර දී ඇත.ස්වාභාවික පරිසර පද්ධතිය අලංකාර කරන මෙම වන සතුන් නිරන්තරයෙන්ම දඩයම් කිරීම මගින් ජෛව විවිධත්වය ට සිදුවන හානිය අතමහත්ය .පොලිස් විශේෂ කාර්ය බලකායෙ අනදෙන නළධාරි නියෝජ්‍ය පොලිස් පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය මෙයට පෙරද අවස්ථා ගනනාවකදී මෙම දඩයක්කරුවන් අත්අඩංගුවට ගනිමින් වන සතුන් සහ පරිසරය සුරැකීමට කැපවී ඇත.