21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : බිරිඳගෙන් ප්‍රකාශ ගනී

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : බිරිඳගෙන් ප්‍රකාශ ගනී

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

(19) පස්වරුවේ පැය 4කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් දැනට 15දෙනෙකු පිළිබඳව සැක මතු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම මේ වන විට පුද්ගලයන් 30කට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති අතර ඝාතනය සම්බන්ධ විමර්ශනයේ දී ෂාෆ්ටර්ගේ සමීපතමයින් කිහිපදෙනෙකු ද පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති බවයි වාර්තා වන්නේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments