ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අදයි.
නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගීවන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙයි.
උදාවූ අසිරිමත් නත්තල වෙනුවෙන් කොළඹ නගරය ද අලංකාර වී තිබුණි.
එමෙන්ම කිතුණුවන් බොහෝමයක් ජීවත්වෙන මීගමුව ප්‍රදේශය ද නත්තල පිළිගැනීම සඳහා වර්ණවත් වී තිබුණි.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රාත්‍රි 11.45 ට මෙරට ප්‍රධාන දේව මෙහෙය පන්නිපිටිය ක්‍රිස්තුරාජාණන්ගේ දේවස්ථානයේදි පැවැත්විය.
මේ අතර දෙරණ මාධ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය කළ නත්තල් දේවමෙහෙය වෑවල ශාන්ත ප්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ සිට සජීවීව ටී.වී. දෙරණ ඔස්සේ විකාශය ආරම්භ කෙරුණි.