21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම (13) සිට ලබන(22...

කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම (13) සිට ලබන(22 )දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) සිදුකිරීමට.

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා මේ වසරේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම (13) සිට ලබන(22 )දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය මගින් විභාගය සඳහා අවශ්‍ය කරන අයදුම්පත් ලබාගැනීම සඳහා ලියාපදිංචිය ලබාගත හැකිය.

මේ සඳහා අවුරුදු 18-39ත් අතර පුද්ගලයින්ට (1983.02.14 සිට 2005.02.13 උපන් අයට) අයදුම් කළ හැකි අතර, වර්ණ අන්ධතාවය නොමැති, සිරගතවීමක් හෝ බරපතල වැරදිවලට වැරදිකරුවෙකු වී නොමැති, වර්ණ අන්ධතාවය, කොඳු ඇට පෙලේ ආබාධ සහිත, ඇගිලි අඩු හෝ ඉවත් කර නොමැති පුද්ගලයින් හා දකුණු කොරියාව මගින් පිටුවහල් කළ බවට පෙර වාර්තා නොමැති හා E-9 සහ E-10 වීසා කාණ්ඩ යටතේ වූ සේවා කාලයද ඇතුළුව වසර 5ට අධික කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති පුද්ගලයින් විය යුතුය.

විභාග ප්‍රවේෂපත්‍ර ලබාගැනීම සදහා අයදුම්පත්‍රය, විදේශ ගමන් බලපත්‍රයේ ස්කෑන් පිටපතක්, මාස 3ක් ඇතුළත ලබාගත් 3.5 cm × 4.5 cm ප්‍රමාණයේ සුදු පැහැති පසුබිම සහිත ඡායාරූපයක ස්කෑන් කළ පිටපතක් අවශ්‍ය වේ. විභාග ගාස්තුව රු.10,140 ක් වන අතර, ලංකා බැංකුව, මහජන බැංකුව හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට මුදල් ගෙවු රිසිට්පත අවශ්‍ය වේ. (මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් අංක www.slbfe.lk මගින් ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.)

නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය මේ වසරේ මාර්තු (13) සිට අගෝස්තු 30 දක්වා පැවැත්වෙන අතර, ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය මේ වසරේ සැප්තැම්බර් (01) සිට නොවැම්බර් (30) දක්වා පරිගණක ආශ්‍රිතව, පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

මෙම විභාගය හා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments