දෑල ගං තෙර
සේදී ගොස් අහවරය
බොර නොමැති ගංදිය
කිරිපාට පෙන බුබුලු කරාවි හැඩ.
ගලා,ගයයි ගසාගෙන
මා විසීකල මතක පොදිය
සීසීකඩය මතක වැල්
යලි ගසා එයි මෙගොඩට.
එක් දිනෙක නුඹ දුන්නු
හාදුවක් උරහිසට
ආයෙමත් ගංතෙරේ
පැටලිලා ගොඩ එන්ට.
කඳුලු උනනා නමුත්
හදාගමි හිත තදින්
පුන්චි කෝටුවක් ගෙන
තල්ලු කර දැමූවෙමි නැවත
ඒ හාදුව ගංදියටම.
රිදෙන්නට එපා ඒ තරම් වත් නුඹට …
චමරි වික්‍රමසිංහ