26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්තිරරචනා මංකොල්ලය මැඩලන්න ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදය වැඩපිළිවෙලක් සකස් කෙරේ.

තිරරචනා මංකොල්ලය මැඩලන්න ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදය වැඩපිළිවෙලක් සකස් කෙරේ.

තිරරචනා මංකොල්ලය මැඩලන්න ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදය වැඩපිළිවෙලක් සකස් කෙරේ.

තිර පිටපත් රචකයාගේ කාර්යා භාර්ය ස්ටීවන් ස්පිල්බර්ග් පෙන්වාදි තිබේ. නමුත් මෙරට තිරරචකයාට ලැබන ගෞරවය අඩුයි. තිර රචකයාගේ බුද්ධිමය දේපළ සුරක්ෂිතතාව සම්බන්ධයෙනුත් තත්වය ඒ් ආකාරයෙන්ම පවතියි විවිධ පාර්ශව විසින් තිර රචකයන්ගෙන් ලබාගන්නා කතා සාරාංශ හෝ තිරපිටපත් , තිරරචකයාව නොමග යවමින් වෙනත් පාර්ශව සොරාගන්නා අවස්ථා ගැන පැමිණිලි රැසක් තිබේ.

මෙම ගැටලු පිළිබඳ අවධානයට ලක්කළ ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදය මේ සඳහා පිළියම් යෙදිමට අලුත්ම වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර ගෙන ඇත. මෙහි පළමුපියවර ලෙස ඔබේ තිර පිටපතේ අවසන් සංශෝධනය හෝ ඔබේ කතා සාරංශය ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදයේ ලියාපදිංචි කිරීමට අවස්ථාව උදාකර තිබේ. ඒ් අනුව ඔබේ පිටපතේ පී.ඩි.එෆ් පිටපතක් ශ්‍රී ලංකා තිරරචකයින්ගෙ සංසදයේ මෙම විදයුත් ලිපිනයනට එවිය යුතුවේ. [email protected]

පසුව එසේ යොමුකරන තිරපිටපත හෝ කතා සාරංශය ශ්‍රී ලංකා තිරරචකයින්ගෙ සංසදයට ලැබුණු දිනයත්,සභාපතිගේ විදයුත් අත්සනත්,සංසදයේ දිය සළකුණත් සමග එහිපිටපතක් එම සංගමයට ලැබුණු බවටත් විද්යුත් සටහනක් යොදලා පැය 24ක් ඇතුළත සංසදය නැවත ඔබවෙත පි.ඩි.එෆ්. පිටපත ඔබවෙත යොමුකෙරේ.

එම තිරපිටපතේ හෝ කතා සාරංශය විවිධ පාර්ශය වෙත ලබාදිය හැකි අතර එය යමෙකු අවභාවිතා කළහොත් එය මෙම සංසදයේ ලියාපදිංචි කර තිබෙන පිටපතක් නම් ඒ් වෙනුවෙන් ශ්‍රී ලංකා තිරරචකයින්ගෙ සංසදය පෙනි සිටියි.

කෙසේ වෙතත් තිරපිටපතේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් එහි මුල් අයිතිකරුවා ඒය අපවෙත යොමුකරන පුද්ගලයා බවටත් සංසදයට සහතිකයක් නිකුත් කරන්න බැහැ. සංසදය වගකියනු ලබන්නේ ඔබගේ තිරපිටපත හෝ කතා සාරාංශය සංසදයේ ලියාපදිංචි කළ බවට හා එකි ලියාපදිංචිය සිදුකළ දිනය සම්බන්ධයෙන් පමණයි. මෙයින් ඔබගේ තිරරචනයට හෝ කතා සාරංශයට මූලික ආරක්ෂාවක් ලැබෙනු ඇතිබවට සංසදය විශ්වාස කරයි. මේ සඳහා ඉදිරියේදි ශක්තිමත් නිතිමය පසුබිමක් සකස් කිරීමට ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදය මේවනවිටත් කටයුතු සකස් කරමින් සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments