22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්මහර බන්ධනාගාරයේ ගැටුමෙන් 08 දෙනෙකු ජිවිතක්ෂයට : 50 කට තුවාල

මහර බන්ධනාගාරයේ ගැටුමෙන් 08 දෙනෙකු ජිවිතක්ෂයට : 50 කට තුවාල

මහර බන්ධනාගාරයේ ඊයේ දිනයේදී ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා. පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්ය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කරගෙන සිදුකළ මෙහෙයුම් හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ පිරිස් වැඩිවීම නිසා මෙරට බන්ධනාගාර තුල රැඳවියන් 32,000 කට ආසන්න පිරිසක් සිටීමෙන් දැඩි තදබදයක් ඇතිවී තිබෙන බව ඇය කියා සිටි අතර  බන්ධනාගාරය තුල කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනෙක් රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් ක්‍රියා පටිපාටියක් ගෙන යන බව ඇය කියා සිටියේ.

මහර බන්ධනාගාරයේ සිටින රැඳවියන් පළා යාමට උත්සහ දැරූ බවත් එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමෙන් 08 දෙනෙකු මියගොස් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ලේක්ම්වරියගෙන් ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් සිදුකරනවා සේම ස්වාධින පරීක්ෂණයක් සිදුකිරීමට ද කටයුතු යොදන බව කියා සිටියා.

ඊයේ දිනයේදී මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරුණා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රශ්න කරමින් සිටියේ බන්ධනාගාර ගතව සිටින රැඳවියන් ගේ ආරක්ෂාව භාරව පවතින්නේ රජය මත බවයි.

මහර බන්ධනාගාරය ඇතුළු දිවයිනේ බන්ධනාගාර තුල යම් නොසන්සුන්තාවයක් ඇතිවූ බවට රහසක් නොවන බවයි. අවම ඉඩකඩ පහසුකම් තිබීම හේතුවත් බන්ධනාගාර තුල කොවිඩ් ආසාදිතයින් දහසකට අධික පිරිසක් පැවතීම හේතුවෙන් මෙම නොසන්තාවය ඇතිවී තිබෙන බව අදහස් පළකර සිටියා.

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අදහස් පළකරමින් කියා සිටියේ කොවිඩ් පොකුරක් ඇතිවීම නිසා මහර බන්ධනාගාරයේ ඇතිවීම මිට හේතුව වූ බවත් 183 දෙනෙකු එම බන්ධනාගාරයෙන් මතුවීමත් සමග එහි සිටින සෙසු රැඳවියන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් පියවර කුමක්ද යන්න සම්බන්ධයෙන් බන්ධනාගාර කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍යවරිය වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ගෙන් විමසා සිටියා.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කමිටුවක් පත් කොට ඇති බවත් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවද විපක්ෂ නායකවරයා සඳහන් කර සිටිය අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධින කමිටුවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටියා.

මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කර සිටියේ බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් 800 දෙනෙකු රැගෙන ආ බවත් ඉන් 150 දෙනෙකුට කොවිඩ් ආසාදනය වූ බවයි. ඒ අසල පිහිටි මහනුවර ශික්ෂණ රෝහලේ 40 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බවත් මහයියාව ප්‍රදේශයේ වෙසෙන නගර සභාවේ සේවකයින් කිහිප දෙනෙකුට ද වෛර්සයා ආසාදනය වී ඇති බවයි. 

මිට මාස දෙකකට පමණ ඉහත දී කිසිදු කොවිඩ් රෝගියෙකු වාර්තා නොවූ මහනුවර නගරය බෝගම්බර බන්ධනාගාරය ආශ්‍රිතව දැන් කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දැඩි අනතුරකට මුහුණ පා සිටින බවට කියා සිටියා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments