කාලන්තරයක් නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලැබු වියළි කහ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත. ඒ් අනුව එම කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට කටුනායක ගුවන් හමුදා කඳවුරේ බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව ප්‍රධාන කදවුර අනදෙන නිළධාරි ජේෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ආර්.සේනාධිීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි විජේසිංහ මහතාගෙ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.පි.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් (08) පෑළියගොඩ පොලිස් වසමේ අංක 114/01, මීගමු පාර, පෑළියගොඩ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද වියළි කහ කිලෝ ග්‍රෑම් 1,169, ග්‍රෑම් 550 ක් සන්තකයේ තබාගෙන සිටි නුවරඑළිය ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 29 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑළියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
නීති විරෝධී ගංජා වගාවන් දෙකක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මොණරාගල ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ඊ.ඒ.එම්. දයාරත්න මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ උප පොලිස් පරීක්ෂක එම්.සි.එස්. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) තණමල්විල පොලිස් වසමේ කහකුරුල්ලන්පැලැස්ස ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අක්කර ¼ ක හා පර්චස් 10 ක පමණ භූමි ප්‍රදේශ දෙකක වගා කර තිබූ ගංජා ගස් 3,000 ක් හා ගංජා ගස් 1,000 ක් සමඟ තණමල්විල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26,40 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සාම්පල් වශයෙන් ගස් 20 ක් ද සමග තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉතිරිය ගිණි තබා විනාශ කර ඇත.
එහිදි අඩි 05 ක් පමණ උස ගංජා ගස් 3,000ක් සහ අඩි 04 ක් පමණ උස ගංජා ගස් 1,000 ක් අත්අඩංගුවට ගෙන ඇත.
