22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedපාකිස්ථාන හමුදා ඒකාබද්ධ මාණ්ඬලික ප්‍රධානී සහ ගුවන් හමුදාධිපති අතර නිල හමුවක්

පාකිස්ථාන හමුදා ඒකාබද්ධ මාණ්ඬලික ප්‍රධානී සහ ගුවන් හමුදාධිපති අතර නිල හමුවක්

පාකිස්ථාන හමුදා ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් සහිර් ශම්ෂාඩ් මිර්ෂා මහතා (General Sahir Shamshad Mirza) හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අතර නිල හමුවක් (10) ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයට පැමිණි පාකිස්ථාන හමුදා ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී තුමන් ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිළධාරී එයාර් කො‍මොඩෝර් සුරේෂ් ප්‍රනාන්දු නිළධාරිතුමන් විසින් පිලිගත් අතර ඔහු වෙත ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහ පාකිස්ථාන හමුදා ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් සහිර් ශම්ෂාඩ් මිර්ෂා මහතා අතර හමුවේදි දෙරටේ ආරක්ෂාවට බලපාන සාධක හා ඒකාබද්ධ පුහූණු විමි පිළිබද ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලදි.

අනතුරුව මෙම හමුවීම සිහිපත් වීම පිණිස දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකල අතර මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන් ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් පිරිසක් සහභාගි විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments