26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රත්මලාන ගුවන් හමුදා කදවුර තුලදී ටී-56 ගිනි අවියක් සමග ජීව උණ්ඩ 120ක්...

රත්මලාන ගුවන් හමුදා කදවුර තුලදී ටී-56 ගිනි අවියක් සමග ජීව උණ්ඩ 120ක් අස්ථාන ගතවීම” පිළිබඳ මාධ්‍යන්හි පලවු පුවත සම්බන්ධවයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුර තුලදී 2023 පෙබරවාරි මස 21 වන දින ටී-56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 120ක් අස්ථානගතවීම පිළිබඳ ගල්කිස්ස පොලිසිය වෙත ගුවන් හමුදාව විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.

පසුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් පරිදි මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් අභ්‍යන්තර පරික්ෂණයක් ගුවන් හමුදාව විසින් ආරම්භ කල අතර ගල්කිස්ස පොලිසිය විසින්ද විමර්ෂණ සිදුකරන කරන ලදි.

එම විමර්ශන වලින් අණාවරනය වු තොරතුරු වලට අනූව රත්මලාන ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවය කරනු ලබන සැරයන්වරයෙකු විසින් මෙම ගිනි අවිය පැහැරගත් බවත් එම ගිනි අවිය හොරණ අගුරුවාතොට ප්‍රදේශයේ වෙල්යායක සගවා ඇති බවටත් එම සැරයන්වරයා විසින් විමර්ෂකයන් හට පාපොච්චාරණය කර ඇත.

අනතුරුව ගල්කිස්ස පොලිසිය මගින් සැකකාර සැරයන්වරයා ගිනි අවිය සහ ජීව උණ්ඩ සගවා ඇති ස්ථානයට රැගෙන ගිය අතර එහිදි ගිනි අවිය සහ ජීව උණ්ඩ පොලිසි විසින් සොයාගන්නා ලදි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සදහා ගල්කිස්ස පොලිසිය විසින් සැකකාර සැරයන්වරයා සමග ගිනි අවිය සහ ජීව උණ්ඩ පොලිස් භාරයට ගෙන ඇති අතර මේ සම්බන්ධව සිදුකරනු ලබන පරීක්ෂණ සදහා අවශ්‍ය තොරතුරු ලබාදීමට ගුවන් හමුදාව කටයුතු කරනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments