සංවිධානාත්මක අපරාධකරුවකු වන බුම්මාගේ මත්ද්‍රව්‍ය ජාවාරම හසුරවන අපරාධ රැසකට හා මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ධ පුද්ගලයකු ගිනි අවියක්, කඩු, හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති නදීක සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් පරික්ෂක පො.ප. ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) මෝදර පොලිස් වසමේ මෝදර වීදියේ, ශාන්ත ජෝන්වේ මාර්ගයේ දී වැටලීම සිදුකර දැනට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහෙත් බුම්මා සමග සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන මෝදර වීදිය, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයකු 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වර අවියක් හා 9mm වර්ගයේ ජීව උණ්ඩ 04ක් සහ හෙරොයින් ග්‍රෑම් 20, කඩු දෙකක්, ත්‍රී රෝද රථයක්, ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් සමග මෝදර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම පුද්ගලයා කොටහේන, ගල්පොත්ත හන්දියේ ප්‍රමිල් වයින් ස්ටෝර්ස් සුරාසැළ ඉදිරිපිට ඉකුත් වසරේ අප්‍රේල් මස (21) ව්‍යාජ අංක සහිත යතුරු පැදියකින් පැමිණ පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධව එම වෙඩි තැබීම සිදුකරන ලද සැකකරු වේ.
කිලිනොච්චිය ප්‍රදේශයේ කේරළ ගංජා විකුණූ කාන්තාව කේරළ ගංජා සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය පුලියන්කුලම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝයි සුමනවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රදේශිය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරි කේ.ජී.ජී. නිශාන්ත මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය පුලියන්කුලම කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.එම්.වී.එස්.අයි. බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) කිලිනොච්චි පොලිස් වසමේ මරදනගර් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
දීර්ඝ කාලයක් තිස්සේ කේරළ ගංජා ජාවාරම් කල මරදනගර්, කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31ක කාන්තාවක් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 100 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
