29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඖෂධ හිඟය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

ඖෂධ හිඟය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

රටේ පවතින ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවීමක් බවට ඉදිරිපත් වූ පෙත්සමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එම කොමිසම පැවසුවේ ඊට අදාළ විර්ශන සඳහා  සෞඛ්‍ය අමාත්‍යාංශයට නොතීසි නිකුත් කර ඇති බවය.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මෙම පෙත්සම ගොනු කර තිබුණි.‍

අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය නම් කර තිබේ.

මේ අතර රටේ මහජන සෞඛ්‍ය සේවාව ද දිගින් දිගටම බිඳ වැටෙමින් පවතින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments