හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින්ගේ අත්අඩංගුවට
මෙම සියලු අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සිදුකර තිබේ.
ඒ් අනුව විශේෂ කාර්ය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් (02) වැලිකඩ පොලිස් වසමේ අංක F/41, බණ්ඩාරනායකපුර රාජගිරිය යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිටදී වැටලීමක් සිදුකර හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 9,750 සන්තකයේ තබාගෙන සිටි රාජගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21, ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා සමග සමීප සම්බන්ධතා පැවැත්වු පුද්ගලයකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් (02) දෙමටගොඩ පොලිස් වසමේ අංක 1/B/F3/U09, ලක්හිරුසෙවණ, මාලිගාවත්ත, කොළඹ 10 යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 620 ක් සන්තකයේ තබාගෙන සිටි මාලිගාවත්ත, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. සැකකරුගෙන් වැඩිදුරටත් සිදු කල ප්‍රශ්න කිරිමේදි මේ වන විට බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරිනායක පතිරනලාගේ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා වන මලීෂ ආකාෂ් යන අය සමග සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.
කේරළ ගංජා අලවි කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) මිගමුව පොලිස් වසමේ අංක 20/3, කැප්පෙපටිපොල මාවත, 4 වැනි කුරන, මිගමුව යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කේරළ ගංජා ග්‍රෑම් 543 ක්, ඩිජිටල් තරාදියක්, ජංගම දුරකථනයක් සහ මුදල් රුපියල් 4,500.00 ක් සන්තකයේ තබාගෙන සිටි කුරණ, කටුනායක ප්‍රදේශයේ පදිංචි වයස අවු. 46 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
නීති විරෝධි මත්කරල් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) මල්වතුහිරිපිටිය පොලිස් වසමේ අංක 219/46/02, කිඹුල්ගොඩ, යක්කල දී වැටලීමක් සිදුකර නීති විරෝධි Pregabalin (150mg කරල්) 440 (මත් කරල්) සන්තකයේ තබාගෙන සිටි කිඹුල්ගොඩ, යක්කල ප්‍රදේශයේ පදිංචි වයස අවු. 24 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී බන්දුසිරි මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ උප පොලිස් පරීක්ෂක ඒ.එච්.එල්. දිල්ශාන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) අක්කරපත්තුව පොලිස් වසමේ පාලමුනේ 01 ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර අලෙවි කිරීම සඳහා තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද Manchester වර්ගයේ දුම්වැටි 180 ක් සහ Magnum luxury වර්ගයේ දුම්වැටි 180 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 45 ක උදුමාහුරම්, පාලමුන 01 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අක්කරපත්තුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.