29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOP13 විරෝධා සතිය ආරම්භ කරන අතර 15 වැඩවර්ජනයක් කිරීමට වෘත්තීයවේදීන් තීරණය කරති

13 විරෝධා සතිය ආරම්භ කරන අතර 15 වැඩවර්ජනයක් කිරීමට වෘත්තීයවේදීන් තීරණය කරති

රජයේ නව බදු සංශෝධනය සම්බන්ධයෙන් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග අද (10) පැවැත්වු සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් විය.

මේ හේතුවෙන් එළඹෙන සතියේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමට වෘත්තිය සංගම් රැසක් තීරණය කර තිබේ. 

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග පැය දෙකකට අධික කාලයක් අදාළ සාකච්ඡාව පවත්වා තිබුණි.

ඉන් පසු පිටතට පැමිණ අදහස් දැක්වූ වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ සමාජික මහාචාර්ය අරුණ ශාන්තආරච්චි මහතා, 

“අද දින අපි අපේක්ෂා කළ අරමුණුවල ප්‍රතිඵලයක් අපට ලැබුණේ නෑ. මේ ටැක්ස් එක නොපමාව ප්‍රතිසංස්කරණය කළ යුතුයි. අපි බලාපොරොත්තු වුණ විසඳුමක් අපට ලැබුණේ නෑ.”
 
මේ අතර සෞඛ්‍ය හා තැපැල් වෘත්තිය සමිති ද රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරි සතියේ ගනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබඳ අද ප්‍රකාශයට පත් කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ,

“අපි වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනවා. බස්නාහිර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලුම රෝහල් සඳුදා උදේ 8 සිට අකර්මණ්‍යයි. අඟහරුවාදා සෙසු පළාත් වර්ජනයට එක් වෙනවා. අඟහරුවාදාත් විසඳුමක් නොලැබුණොත් බදාදා උදේ 8 සිට අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ඉදිරියට ගමන් කරනවා ඇති.”

මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අධ්‍යයන සහ විභාග කටයුතුවලින් ඉවත් වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ ගත් තීරණය අදත් ක්‍රියාත්මක වුණි.
 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments