26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ජනාධිපතිවරයා පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාදවලට මුවාවෙලා විනිශ්චයකාරයෙකු වීමට උත්සාහ දරනවා...නීතීඥ - ජේ.එම්....

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාදවලට මුවාවෙලා විනිශ්චයකාරයෙකු වීමට උත්සාහ දරනවා…
නීතීඥ – ජේ.එම්. විජේබණ්ඩාර

ලංකාවේ අරගලයකින් පස්සේ තමන්ව බලයට පත් කළ ජන බලය විසින්ම ඒ ජයග්‍රාහී මැතිවරණයේ ප්‍රතිඵලයක් ලෙස තේරී පත්වූ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලය මහජන විරෝධයකින් ඉවත් කිරීම යන මහජන ප්‍රතික්ෂේප කිරීමට ලක්වූ පාර්ලිමේන්තු බහුතරයක් විසින් ගනු ලැබූ තීරණවලින් අපි ඉතිරිවී සිටින්නේ පාර්ලිමේන්තු බහුතරය පමණයි. සම්ප්‍රදානුකූල සහ සදාචාරාත්මකව, යුක්තිසහගතව කළ යුතුව තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නම් ජනතාව විසින් අපගේ බලය ශූන්‍ය කර තිබෙනවා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යෝජනාවක් සම්මත කර, නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලීම තමයි හොඳම විය යුතුව තිබුණේ. නමුත් පාර්ලිමේන්තුවේ බහුතරය විසින් තමන්ගේ පක්ෂයේ නොවන අයෙකු ව්‍යවස්ථාමය උපක්‍රමයකින් කිසිසේත් අපේක්ෂා නොකළ විධායක බලය සහිත ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා. මහජන බලය රූකඩයක ආකාරයෙන් නැටවීමේ ක්‍රියාදාමයක යෙදෙන විකෘති පාර්ලිමේන්තුවක් අපේ රටේ තිබෙන්නේ. අරගලයෙන් පසුව පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරණයක් පැවති මොහොතේ සිට රටේ පවතින තත්වය දෙස බලන්න. අද රාජ්‍ය ආයතන එකිනෙකාට බැන ගන්නවා, එකිනෙකාට විරුද්ධව අධිකරණයට යනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව මැතිවරණය ප්‍රකාශ කිරීමේ බලය තිබෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමට. නමුත් පාර්ලිමේන්තුව තුළට යන ජනාධිපතිවරයා කියා සිටිනවා කරනවා “එහෙම ප්‍රකාශ කළ මැතිවරණයක් නැහැ” යනුවෙන්. ඔහු පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාදවලට මුවාවෙලා විනිශ්චයකාරයෙකු වීමට උත්සාහ දරනවා. මැතිවරණ කොමිසම, මහජනතාවගේ බලය වෙනුවෙන් රටේ අධිකරණය වෙත කිසියම් දැනුම්දීමක් සඳහා නීතිඥයෙකුගේ සේවය ලබාගැනීම පිළිබඳවත් පාර්ලිමේන්තුව තුළදී ජනාධිපතිවරයා විසින් හාස්‍යයට ලක්කරනවා. මැතිවරණ පත්‍රිකා මුද්‍රණය කිරීමේ කාර්යයේදී මැතිවරණ නිර්දේශ තිබියදී, ජනාධිපතිවරයා මුද්‍රණාලයාධිපතිනියට එය කළ නොහැකි බවට මහජනතාව ඉදිරියේ ප්‍රකාශ කර සිටියා. තවත් විටකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් වන්නේ මහමැතිවරණ, ජනාධිපතිවරණ, ජන මත විචාරණ පමණක් බව පවසමින් පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය නැති බවත් ප්‍රකාශ කරමින් විශාල මාධ්‍ය ප්‍රකාශයක් ගෙනයාමට උත්සාහ දැරුවා. මැතිවරණ කටයුතු සඳහා පොලිස් ආරක්ෂාව දීමට නොහැකි බව ප්‍රකාශ කළා. විධායකය, කැබිනට් ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු එකිනෙකාට දෝෂාරෝපණය කරමින් (විධායක නිල පැලැන්තිය,) මැතිවරණය දිනය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට රාජ්‍ය පාලනය අපභ්‍රංශයක් බවට පත්කර තිබෙනවා. විහිළුවකට, අවිනිශ්චිතතාවයකට පත්කර තිබෙනවා.
මෙවැනි අවස්ථාවක පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිලි අර්ථනිරූපණයක් ඇතිකර ගැනීමට අවශ්‍ය නම් යාමට ඇති එකම ස්ථානය ශ්‍රේෂ්ඨාධිකරණයයි. කිසිදු ආකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට යටත් නොවන ආයතනයක්. මැතිවරණයක් පවත්වනවාද නැද්ද කියන එක පිළිබඳව විධායකය හා විධායකය අතරත්, දේශපාලන පක්ෂ, පුරවැසියන් සහ මැතිවරණ කොමිසම සහ මුදල් අමාත්‍යාංශය අතර ආරාවුලක් ඇතිවී ඇත්නම් එය විනිශ්චය කිරීමේ බලය උත්තරීතර අධිකරණය වන ශේ්්‍රෂ්ඨාධිකරණයේ සතුව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්තිවල සහ 3 පරිච්ඡේදයේ 17 සමග කියවිය යුතු 126 වගන්තියෙන් කියනවා මේ විධායකය මානව හිමිකම් නොතකා කටයුතු කරනවා නම්, පුරවැසියාට යා හැකි ස්ථානය ශ්‍රේෂ්ඨාධිකරණයයි.
මේ පසුබිම තුළ ඔබ දන්නවා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවහිර කිරීම හේතුවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සමාජ ක්‍රියාකාරකයන් විවිධ අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් සහන පැතුවා. එක් අවස්ථාවකදී මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එවැනි නඩුවකට ප්‍රතිචාර ලෙස රටේ නීතියට අනුව මැතිවරණය පවත්වන බවට පොරොන්දුවක් දුන්නා. පොරොන්දුවක් කඩකිරීම අධිකරණයට කරන අපහාසයක් යන බව ඉහළ අධිකරණ විසින් පෙන්නා දී තිබෙනවා. මැතිවරණ කොමිසම නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මුදල් නොදෙන බවට මෝසමක් ඉදිරිපත් කරන්න සිදුවෙනවා. එය ශ්‍රේෂ්ඨාධිකරණය නඩු කටයුත්තක් ලෙස ගත්තේ නැහැ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මුදල් නිකුත් නොකිරීම පිළිබඳ පෙත්සමක් ඉදිරිපත් කරනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අවසරදී, පෙත්සම පිළිබඳව විවාදයකට දින වෙන්කර, වෙන්කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් අතුරු නියෝගයක් ප්‍රකාශයට පත්කරනවා,
ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දෙන ලද අතුරු නියෝගය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් පාර්ලිමේන්තුව තුළදී කතාවක් පවත්වමින් ප්‍රකාශ කර සිටිනවා මේක පාර්ලිමේන්තුවේ වරප්‍රසාද හා බලතල උල්ලංඝනයවීමක් ලෙසට. පාර්ලිමේන්තුවේ අනුර බණ්ඩාරනායක වැනි කථානායකවරු සිටියා, ව්‍යවස්ථා අර්බුද සහිත අවස්ථාවන්ට පාර්ලිමේන්තුව මුහුණ දුන්නා, එවැනි අවස්ථාවල කථානායකවරු පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පිළිබඳ මනා අවබෝධයකින් තීන්දු නියෝග ප්‍රකාශයට පත් කළා, ඒවා මාධ්‍ය විසින්, සමාජ විසින් ගරුකොට පිළිගෙන තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments