සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අවසන් වසර අධ්‍යාපනය හදාරන නවක ලේඛිකා රශිනි වරංගනා කවිරත්නගේ කුළුදුල් නවකතාව “එකමත් එක වැහි දවසක” කෘතිය දොරට වැඩීමේ උත්සවය කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඉකුත්දින පැවැත්විණි.
කෘතියේ මුල් පිටපත කතුවරියගේ මව්පියන් වන අනෝමා ප්‍රියන්ති හා කෝසල කවිරත්න යන දෙපළට පිළිගැන්විණි. මෙම අවස්ථාවට ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රි වික්‍රමසිංහ, ප්‍රවීන ලේඛන මොහාන් රාජ් මඩවල, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කර් නාටක සංගීත අධ්‍යයන අංශයේ ප්‍රධානී නිශ්ශංක අබේරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
