23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය විනිවිද විය යුතුයි

යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය විනිවිද විය යුතුයි

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර එහි ක්‍රියාකාරීත්වය දේශපාලන සහ වෙනත් මැදිහත්වීම්වලින් ඉවත් කිරීමට තමා දැඩි ලෙස කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නව විනිසුරුවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (01) දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා රැස්ව සිටි පිරිස අමතමින් මේ බව සඳහන් කර තිබේ.

“20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ දිගුකාලීන අවශ්‍යතාව සපුරාලීමට අපේ රජයට හැකිවීම ආඩම්බරයට කරුණක්“ යැයි රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

නීතියේ ප්‍රමාදයන් නිරන්තර ගැටලුවලට පාදක වූ හේතු අතරින් එකක් බවද සඳහන් කර ඇති ජනාධිපතිවරයා, “යුක්තිය ප්‍රමාදවීම, යුක්තිය අහිමි කරනු ලබයි”යන කියමන උපුටා දක්වමින් යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිම සඳහා උපරිමාධිකරණධූර සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා 20 වන සංශෝධනයෙන් ඉඩ ප්‍රස්ථාව සැලසුන බව ද පැවසීය. 

යුක්තිය, කාර්යක්ෂම අයුරින් පරිපාලනය කිරීම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සම්බන්ධයෙන් පමණක් නොව රටේ ආර්ථික ප්‍රගමනයට ද අතිශය වැදගත් කරුණක් බවත්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය මගින් විශ්වාසනීය, කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ගැටලු නිරාකරණය කොට ජාතියේ ප්‍රගතිය පෝෂණය කරනු ඇතැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර තිබේ.

ශක්තිමත්, කාර්යක්ෂම සහ ස්වාධීන යුක්තිය පසිඳලීමේ පද්ධතියක ඇති වැදගත්කම රජය මනාව අවබෝධ කරගෙන ඇති බවත්, එහි ධාරිතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව පිළිබඳව ද ගැඹුරින් වටහගෙන ඇති බව ත් සඳහන් කළ ජනාධිපතිවරයා, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් ඇතිවීමට නම් එම ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුක්ත විය යුතු බව ද අවධාරණය කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments