29.9 C
Sri Lanka
Friday, August 22, 2025
Homeදේශීය පුවත්බෝතල් පානීය ජලය වැඩි මිලට අලෙවි කළ වෙළඳ සමාගමකට රුපියල්...

බෝතල් පානීය ජලය වැඩි මිලට අලෙවි කළ වෙළඳ සමාගමකට රුපියල් ලක්ෂ පහක දඩ.

රුපියල් 70 ක් මිල සඳහන් පානීය ජල බෝතලයක් රුපියල් 200 කට අලෙවි කිරීම සම්බන්ධව වරද පිලිගත් වරාය නගරයේ බීච් ප්ලාසාහි පුද්ගලික සමාගමකට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් (20) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 5) මගින් නියම කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2025 ජූලි 16 දින කොළඹ වරාය නගරයේ පිහිටි බීච් ප්ලාසාහි වෙළඳසැල් පරීක්ෂා කළ අවස්ථාවේ, අදාල වෙළඳසැල මගින් රුපියල් 70 ක් මිල සදහන් කර තිබු මි.ලි. 500 බෝතල් කළ පානීය ජල බෝතලයක් රු. 200 කට අලෙවිකර තිබේ.

2025.04.01 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 2430/15 සහ අංක 93 නියෝගය අනුව මි.ලි. 500 බෝතල් කළ පානීය ජල බෝතලයක උපරිම සිල්ලර මිල රු. 70 ක් ලෙස නියම කර ඇත. ඒ අනුව එය, රු. 200කට අලෙවි කිරීම 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) සහ 68 වගන්ති සහ 2021 අංක 20 සංශෝධන පනතේ 60(4A) වගන්තිය යටතේ වරදක් වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments