21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්කොරෝනා අඩු වෙද්දී ඔස්ට්‍රේලියාවට ලැව් ගිනි

කොරෝනා අඩු වෙද්දී ඔස්ට්‍රේලියාවට ලැව් ගිනි

කොරෝනා තරමක් අඩු වෙමින් පවතින ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි හටගෙන තිබේ. එහි ෆ්‍රේසර් දූපතෙහි පරිසරය ඉතාමත් වියළි ස්වභාවයකින් යුක්ත නිසා ලැව් ගිනි වේගයෙන් පැතිර යන බව එරට මාධ්‍ය වාර්තා කරයි. ගිනි නිවීම සඳහා ගිනි නිවන භටයන් විශාල සංඛ්‍යාවක් යොදවා ඇත. එසේ වුවත් තැනින් තැන මතුවන ලැව් ගිනි තත්ත්ව හේතුවෙන් පරිසරයට දැඩි හානි සිදුවෙමින් තිබේ. ගිනි ඇතිවන සමහර ස්ථානවලට ගිනි නිවන භටයන්ට ළඟාවීමට පවා අසීරු වී ඇත. ගිනි නිවීම සිදුකෙරෙන්නේ ලවණ සහිත ජල ඉසීමෙනි. ලවණ සහිත ජලය ලීටර ලක්ෂ ගණනක් මේ වනවි ට භාවිතයට ගෙන ඇති බව දැක් වේ. ගිනි හේතුවෙන් කිසිදු දේපළකට මේ වනතුරු හානි සිදුව නැත.

ලැව් ගින්නෙන් ශාක විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව තිබේ. ඉදිරි දින කිහිපයේදී ප්‍ර​ෙද්ශයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 34 දක්වා වැඩිවීමට ඉඩ ඇති බව එරට කාලගුණ විද්‍යා ආයතනය සඳහන් කරයි. උෂ්ණත්වය වැඩිවීමත් සමගම ලැව් ගිනි තත්ත්වය තවදුරටත් වැඩිවීමට ඉඩ ඇතැයි අනුමාන කෙරේ. ෆ්‍රේසර් දූපත සංචාරක ආකර්ෂණය දිනා ගත් ප්‍රදේශයකි. පවත්නා තත්ත්වය හේතුවෙන් එහි ගමන් කිරීමෙන් වලකින ලෙස සංචාරකයන්ගෙන් ඉල්ලා සිටීමට ඕස්ට්‍රේලියා බලධාරීන් ක්‍රියා කර තිබේ. ලැව් ගිනි තත්ත්වය හට ගත්තේ පසුගිය සිකුරාදාය. ඒ වනවිට ෆ්‍රේසර් දූපතට පැමිණ සිටි සංචාරකයන් ප්‍රදේශයෙන් ඉවත් කරන්නටත් ඔස්ට්‍රේලියා බලධාරීන් පියවර ගෙන ඇත. 2019 – 2020 ඕස්ට්‍රේලියා ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර් මිලියන 24කට ආසන්න ප්‍රදේශයක් විනාශයට පත්ව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments