22.4 C
Sri Lanka
Tuesday, October 21, 2025
Homeආගමිකජපානයේ සවරා ලංකාජී විහාරයේ කඨින පුණ්‍ය මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය.

ජපානයේ සවරා ලංකාජී විහාරයේ කඨින පුණ්‍ය මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය.

ෙහතළිස් දෙවැනි වරටත් සංවිධානය කරන ලද ජපානයේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වූ සවරා ලංකාජී විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා,
ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත් වුණි.

ටෝකියෝ හි පදිංචි දිනේෂ් ශානක මහතා සහ එම මහත්මියගේ පූර්ණ දායකත්වයෙන් ජපානයේ පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන්ගේ සහ ජපන් බෞද්ධ ජනතාවගේ දායකත්වයෙන් මෙවර ලංකා ජී විහාරයේ පැවති කඨින පුණ්‍ය මහෝත්සවයට සමගාමීව කඨින චීවර පෙරහැර, කඨින චීවරය පඬු පෙවීම, සපිරිකර සංඝගත දක්ෂිණාව, පරිත්‍රාන ධර්ම දේශනාව, කඨිනානිසංස ධර්ම දේශනාව,අටවිසි ගිලන්පස බුද්ධ පූජාව සහ දන්සැල් ඇතුළු ආගමික වතාවත් රැසක් පැවැත් වූ බව ලංකා ජී විහාරවාසි කොස්වත්තේ පාලිත හිමියෝ පවසති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments