තිසර පෙරේරාගේ තුන් ඉරියව් දස්කම් නිසා ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් කැන්ඩි ටස්කර්ස් පිල පරදා ලකුණු 54 ක ජයක් වාර්තා කරන්නට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ (01 වැනිදා) සමත් වූයේය. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැකගන්නට ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ සමත්වූහ.
කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 185ක් රැස් කර ගත්තේය. ජැෆ්නා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 4ම ලකුණු 49ක් තුළදී බිඳ හෙළන්නට කැන්ඩි පන්දු යවන්නන් සමත් වූයේය. පන්දුවාර 10ක් අවසානයේ කඩුළු 4කට ලකුණු 50ක් ලබා අසීරු අඩියකට පත්ව සිටි ජැෆ්නා කණ්ඩායමේ පීඩනය සිය උර මත රඳවා ගත් නායක තිසර පෙරේරා ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් පන්දු 28කදී ලකුණු 68ක් රැස් කර ගත්තේය. තිසරගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් අන්තර්ගත විය. තිසරට අනගි සහයක් ලබා දෙමින් දක්ෂ පිතිහරඹයක නියැලුණු ධනංජය ද සිල්වා පන්දු 38කදී ලකුණු 61ක් රැස් කළේය. පන්දු යැවීමේදී කැන්ඩි පිල වෙනුවෙන් නවින් උල් හක් ලකුණු 44කට කඩුලු 3ක් බිඳ හෙළීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට පන්දුවාර 17.1දී සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 131ක් පමණි. ටස්කර්ස් පිලේ ජය වෙනුවෙන් සටනක නියැලුණු බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 32කදී ලකුණු 46ක් රැස් කළේය. එම ඉනිම හතරේ පහර 4කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය. අසේල ගුණරත්න ලකුණු 31ක් රැස් කළේය. පන්දු යැවීමේදී ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් උස්මාන් ශින්වාරි ලකුණු 17කට කඩුලු 3ක් බිඳ හෙළීය. වනිඳු හසරංග සහ සුරංග ලක්මාල් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. ජැෆ්නා කණ්ඩායමේ නායක තිසර පෙරේරා පන්දු යැවීමේදී ලකුණු 9කට කඩුලු 2ක් බිඳ හෙළමින් සහ උඩ පන්දු 3ක් රැක ගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්විය. මේ හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ද තිසරට හිමි විය.
ලකුණු සාරාංශය
ජැෆ්නා ස්ටැලියන්ස් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 185යි.
(අවිශ්ක ප්‍රනාන්දු 3, මිනෝද් භානුක 15, ටොම්මූර්ස් 4, ධනංජය ද සිල්වා 61, ශොයිබ් මලික් 9, චතුරංග ද සිල්වා 5, තිසර පෙරේරා 68, වනිඳු හසරංග ද සිල්වා 5, උස්මාන් ශින්වරී (නොදැවී) 6, සුරංග ලක්මාල් (නොදැවී)0, අසේල ගුණරත්න 2/20, නවින් උල් හක් 3/44, නුවන් ප්‍රදීප් 1/44)
කැන්ඩි ටස්කර්ස් පන්දුවාර 17.1කදී සියලු දෙනා දැවී ලකුණු 131යි. (රහමනුල්ලා ගුර්බාස් 6, කුසල් පෙරේරා 4, කුසල් මෙන්ඩිස් 20, බ්‍රෙන්ඩන් ටේලර් 46, කමිඳු මෙන්ඩිස් 9, අසේල ගුණරත්න 31, සීකුගේ ප්‍රසන්න 01, දිල්රුවන් පෙරේරා 9, නවින් උල් හක් 04, නුවන් ප්‍රදීප් 0, මුනාෆ් පටෙල් (නොදැවී) 0, උ.ශින්වරී 3/17, සු.ලක්මාල් 2/27, ඩ.ඔලිවර් 1/30, තිසර පෙරේරා 2/9, වනිඳු හසරංග 2/17 )
දසුන් ශානකගේ ශක්තිමත් අඩිතාලමෙන් ජවය ලද දඹුල්ල වයිකින්ස් ක්‍රීඩකයෝ ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පැවැති 07 වැනි තරගයෙන් අපරාජිත කළම්බු කිංග්ස් කණ්ඩායම ලකුණු 28කින් පරාජය කර විශිෂ්ට ජයක් වාර්තා කරන්නට සමත් වූහ.
තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. වයිකින්ස් ලකුණු පුවරුවට ලකුණු 3ක් එක් වනවිටම එක් ලකුණක් ලබා සිටි වයිකින්ස් ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලව ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. ලකුණු පුවරුව එලෙසම තබමින් වයිකින්ස් ඉනිමේ දෙවැනි කඩුල්ලද බිඳ හෙළන්නට ඉසුරු උදාන සමත්විය. ඉන් අනතුරුව පිටියේ එක්වූ උපුල් තරංග සහ සමිත් පටෙල් තෙවැනි කඩුල්ලට ලකුණු 71ක සබඳතාවක් දියත් කළේය. නියමිත පන්දුවාර 20 අවසානයේදී දඹුල්ල වයිකින්ස් ක්‍රීඩකයෝ කඩුළු 9ක් දැවී ලකුණු 175ක් රැස් කළහ. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 34කදී ලකුණු 56ක් රැස් කළේය. දසුන්ගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් අන්තර්ගත විය. වයිකින්ස් වෙනුවෙන් සමිත් පටෙල් සහ උපුල් තරංග පිළිවෙලින් ලකුණු 30ක් සහ 25ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී ඇන්ඩ්‍රි රසල් සහ ඉසුරු උදාන අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.
ලකුණු 176ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කළම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් මත්තෙන් බිඳ වැටිණි. දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබාම දැවී ගියේය. කළම්බු කිංග්ස් ඉනිමේ මුල් කඩුළු 4ම ලකුණු 45කදී දවා ගන්නට වයිකින්ස් පන්දු යවන්නෝ සමත් වූහ. පෙර තරගයේදී කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් සිය කාර්ය භාරය ඉටුකළ ඇන්ඩ්‍රි රසල් ලකුණු 5කට දැවී යාම විශේෂත්වයකි. කිංග්ස් ජය වෙනුවෙන් හුදකලා ඉනිමක් දියත් කළ ලෝරි එවන්ස් පන්දු 33කදී ලකුණු 59ක් රැස් කළේය. එම ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් අන්තර්ගත විය. කළම්බු ඉනිම විසුණු කළ මලින්ද පුෂ්පකුමාර සිය පන්දුවාර 4 තුළදී ලකුණු 19ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුළු 2ක් බිඳ හෙළීය. මුල් තරගයේදී මලින්ද යැවූ නිපන්දුවක් විදෙස් මාධ්‍යයේ වැඩි වශයෙන් කතාබහට ලක්වූ අතර ඉකුත් ජැෆ්නා ස්ටැලියනස් සමගින් පැවති තරගයේදී ඔහු පන්දු යැවීමෙන්ද වැළකී සිටියේය.වයිකින්ස් වෙනුවෙන් පන්දු යැවීමේදී අන්වර් අලී සහ පුලින තරංග අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.
දඹුල්ල වයිකින්ස් පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 175යි. (නිරෝෂන් දික්වැල්ල 1, පෝල් ස්ටර්ලින් 1, උපුල් තරංග 25, සමිත් පටෙල් 30, දසුන් ශානක 56, අන්වර් අලී 2, ඇන්ජලෝ පෙරේරා 21, පුලින තරංග 4, මාලින්ද පුෂ්පකුමාර (නොදැවී) 11, සචිඳු කොළඹගේ 0, ඉසුරු උදාන 3/25, ඇන්ඩ්‍රි රසල් 3/18, දු. චමීර 2/27, ඇ. මැතිව්ස් 1/14
කළම්බු කිංග්ස් පන්දුවාර 18.4 කදී සියලු දෙනා දැවී ලකුණු 147 යි. (දිනේෂ් චන්දිමාල් 0, ලෝරි එවන්ස් 59, තික්ෂිල දසිල්වා 5, ඇ. මැතිව්ස් 11, ඇ.රසල් 5, අ.ප්‍රියන්ජන් 11, ඉ.උදාන 5, කයිස් අහමඩ් , ධ. ප්‍රසාද් 7, දුෂ්මන්ත චමීර 17, ජෙෆ්රි වැන්ඩසේ(නොදැවී) 4 සමිත් පටෙල් 2/30, කසුන් රාජිත 1/27, ම. පුෂ්පකුමාර 2/19, අන්වර් අලි 2/10, පු. තරංග 2/31,සචිඳු කොළඹගේ 1/28