28.6 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්police newsතීරුබදු රහිත සිගරැට් අලෙවිය, මත්පෙති හා මත්පැන් ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

තීරුබදු රහිත සිගරැට් අලෙවිය, මත්පෙති හා මත්පැන් ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලැබු දුම්වැටි අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ප්‍රාදේශිය අණදෙන නිලධාරී නුවරඑලිය සහකාර පොලිස් අධිකාරි ඩබ්.ඒ.එස්. සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී.එම්.එස්. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) වැලිමඩ පොලිස් වසමේ උඩවල පාර, හපුවත්ත, මිරහවත්ත ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට ඇති වෙළඳසැළ තුළ දී වැටලීමක් සිදුකර අලෙවි කිරීම සඳහා තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද ZICA වර්ගයේ දුම්වැටි 200 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 38 ක හපුවත්ත, මිරහවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිමඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත

යාපනයේදි යතුරු පැදියෙන් තහනම් මත්පෙති ජාවාරම් කල පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.ආර්.ඒම්. ‌රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි ඩි.පි.යු. කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක එච්.ඩි.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) චුන්නාගම් පොලිස් වසමේ වයිරවර් කෝවිල ඉදිරිපිට දී වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පෙති 500 ක් සමග මයිලන්කාඩු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 සහ 31 අතර වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියක්ද සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා චුන්නාගම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අවුරුදු සමයේ මඩකලපුව,කොක්අඩිචෝලේ කලපුවෙි ජයටම මත්පැන් පෙරු තිදෙනෙක් මත්පැන් සමග විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මඩකලපුව ප්‍රදේශීය අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරි ඩී.සී. වෑවිටවිදාන මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ටී.එම්.එම්.යු.කේ.බී. තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) කොක්අඩිචෝල පොලිස් වසමේ මගලඩතිවු, තුරේඅඩි ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී කලපුවමැද ඉතාම රහසිගතව මත්පැන් පෙරා අවුරුදු සමයට බෙදාහරීම සිදු කරමින් නීති විරෝධී මත්පැන් ලීටර් 90 ක් යතුරු පැදි වලින් ප්‍රවාහනය කරමින් සිටි කොක්කඩිචෝලය ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 22 ත් 32 ත් අතර පසුවන පුද්ගලයන් තිදෙනෙකු යතුරු පැදි දෙකක් සහ මත්පැන් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොක්අඩිචෝල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments