ශ්‍රී ලංකාවේ ජාතික සාමය හා සංහිදියා පිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා දකුණු අප්‍රිකානු රජයේ උපරිම සහයෝගය ශ්‍රීලංකාවට ලබාදෙන බවට දකුණු අප්‍රිකානු ජනපති ශ්‍රී ලංකා අමාත්‍යවරුන් හමුවේ සහතික වේ.
ශ්‍රී ලංකාවේ ජාතික සාමය සහ සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා දකුණු අප්‍රිකානු රජයේ අත්දැකීම් සහ ක්‍රමෝපායන් පිළිබඳව අධ්‍යයනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය අලී සබ්රි මහතා සහ අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දකුණු අප්‍රිකානු සංචාරයේ යෙදී සිටින ශ්‍රී ලංකා ලංකා නියෝජිත පිරිස (22) දකුණු අප්‍රිකානු ජනාධිපති Cril Ramaphosa මහතා හමුවේ ද්වි පාක්ෂික සාකච්ඡා ආරම්භ කළ බව අධිකරණ අමාත්‍යංශය පවසයි.
මෙහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඇමතූ දකුණු අප්‍රිකානු ජනාධිපති වරයා, ශ්‍රී ලංකා රජයේ සාමය හා සංහිඳියාව පිළිබඳව වර්තමානයේ ගොඩනගාගෙන තිබෙන අරමුණු සාර්ථක කර ගැනීම සඳහා දකුණු අප්‍රිකානු සාම වැඩපිළිවෙලේ ප්‍රගතිය අධ්‍යනය කිරීම පිළිබඳව සතුටු වන බවත්,දකුණු අප්‍රිකානු රජයේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩලා මැතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කළ දීර්ඝ සාම වැඩපිළිවෙල ශ්‍රී ලංකාවේ සාම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ඉවහල් කරගැනිමට දකුණු අප්‍රිකානු රජයේ උපරිම සහාය ලබාදීමට කටයුතු කරන බව ද මෙහිදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා අමාත්‍යවරුන් හමුවේ දී පැවසීය.
මේ අතර දකුණු අප්‍රිකානු සාම වැඩපිළිවෙළේ සත්‍ය සෙවීමේ කොමිසම ඇතුළු සාම වැඩපිළිවෙල පිළිබඳව අධ්‍යයනයක යෙදෙන ශ්‍රී ලාංකික දූත පිරිස මෙම සංචාරයේදී දකුණු අප්‍රිකානු විදේශ අමාත්‍ය ආචාර්ය Naledi pander හමුවී සාකච්ඡා කළ බව අධිකරණ අමාත්‍යංශය පවසයි.
සාමය හා සංහිඳියාව පිළිබඳ දකුණු අප්‍රිකානු අත්දැකීම් සහ ක්‍රියාකාරකම්වල අධ්‍යයනයක යෙදී සිටින ශ්‍රී ලාංකික දූත පිරිස ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා පාලන සමයේ ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය දැරූ …Roelf Meyer… මහතා හමුවීමේදී දකුණු අප්‍රිකානු අර්බුදය විසඳාලීම සඳහා ඔවුන් කළ මැදිහත්වීම පිළිබඳව කරුණු සාකච්ඡා කළ බව අධිකරණ අමාත්‍යංශය පවසයි.