26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්"ක්ෂීර සාගරය කැලඹිණ" විචාර තරඟයට සියලු සිනමා ප්‍රේක්ෂකයින්ට ආරාධනා...

“ක්ෂීර සාගරය කැලඹිණ” විචාර තරඟයට සියලු සිනමා ප්‍රේක්ෂකයින්ට ආරාධනා…

මේ දිනවල සාර්ථක ලෙස තිරගත වන සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කළ “ක්ෂීර සාගරය කැළඹිණ” චිත්‍රපටය නරඹන රසික ප්‍රේක්ෂකයන් අතරේ රසවින්දනාත්මක විචාර තරඟයක් පැවැත්වීමට “සරසවි සිනෙරු” චිත්‍රපට සමාගම කටයුතු සූදානම් කර ඇත.

මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍ර, මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර, ගාමිණී වේරගම, බුද්ධදාස ගලප්පත්ති ගුණසිරි සිල්වා යන සාහිත්‍ය ශාස්ත්‍රවේදී භවතුන්ගෙන් සමන්විත මණ්ඬලයක් මගින් මෙම විචාර තරඟාවලියේ විනිශ්චයන් සිදුකෙරෙනු ඇත.

ප්‍රථම ස්ථානය වෙනුවෙන් රුපියල් 50,000ක මුදල් ත්‍යාගයක් හිමි වන අතර රුපියල් 25,000 බැගින් තවත් ප්‍රශස්ථ විචාරයන් පහකට මුදල් ත්‍යාග පිරිනැමේ.

විචාර තරඟාවලියේ කොන්දේසි මෙසේය.

*ඔබේ අර්ථාන්විත විචාරය වචන 2000 නොවැඩි විය යුතුය.

*2023 ජූලි මස 07 වන දිනට පෙර ඔබේ විචාරයන් එවිය යුතුය.

*ඔබගේ විචාරයන් එවිය යුතු ලිපිනය මෙසේය

සම්බන්ධීකාරක
කේ.එස්.කේ.විචාර තරඟාවලිය
සී/ස සරසවි පොත්හල
පොත් ප්‍රකාශන සංගම් මූලස්ථානය
අංක 15
පාර්ලිමේන්තු පාර බත්තරමුල්ල

*ඊ-මේල් ලිපිනය – [email protected]

*ලියුම් කවරයේ වම්පස කෙලවරේ “ක්ෂීර සාගරය කැළඹිණ විචාර තරඟය” යනුවෙන් සඳහන් කළ යුතුය.

*ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව සඳහන් කර එවිය යුතුය.

*ගෞරවනීය විනිශ්චය මණ්ඬලයේ තීරණය අවසන් තීරණය වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments