21.1 C
Sri Lanka
Thursday, January 1, 2026
Homeදේශීය පුවත්ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ දී බානගල නා හිමියන් බැහැදකී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ දී බානගල නා හිමියන් බැහැදකී.

නිළ සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ඉම්පීරියල් හෝටලයේ දී (27) ජපානයේ ප්‍රධාන සංඝනායක,ජපානයේ සවාරා හි පිහිටි ලංකාජි විහාරාධිපති ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් හමුවිය.
1984 දී එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් මුල්ගල තබා ආරම්භ කළ සවාරා හි ලංකාජි විහාරස්ථානය ජපානයේ පිහිටි එකම ථේරවාදී බෞද්ධ සිද්ධස්ථානය වේ.එසේම ජපානයේ ථේරවාදී චෛත්‍යක් ඇති එකම විහාරස්ථානය ද ලංකා ජී විහාරස්ථානය වේ.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරූ සමයේ දී ද වරක් මෙම විහාරස්ථානයට පැමිණ ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රධානී සාගල රත්නායක මහතා ද,ජපානයේ එම විහාරස්ථානයේ වැඩ වාසය කරන ආචාර්ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමි හා කොස්වත්තේ පාලිත හිමියෝ ද එක් වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments