ශ්‍රී ලංකා ගුවන් හමුදාපති සහ ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වත්මන් සභාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුදා ක්‍රීඩා සඳහා ලබා දුන් විශිෂ්ට දායකත්වය ඇගයිමට ලක්කරමින් “නිලධාරී”යන ගෞරව නාම ප්‍රදානය කිරිම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න මහතා (29) ආරක්ෂක අමාත්‍යංශයේදී සිදු කළේය.
ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ පරමාදර්ශ සහ ඉලක්ක ඉහල නංවමින් ක්‍රියා කරනු ලබන ඕනෑම පුද්ගලයකු හට ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම කුසලතා සම්මානය ප්‍රධානය කරනු ලබන අතර මෙය, ලබන්නා ශාරීරික අධ්‍යාපන ක්ෂේත්‍රයේ හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පුද්ගලයෙකු වන අතර පුද්ගලික කාර්ය සාධනයෙන් හෝ සන්නද්ධ හමුදාවන්හි ක්‍රීඩා සංවර්ධනයට දායක වීමෙන් සුවිශේෂී සේවාවක් ඉටු කළ පුද්ගලයෙකු වෙි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ශ්‍රී ලංකාවේ හමුදාවන් තුල ක්‍රීඩාවේ දියුණුවට සදහා විශිෂ්ඨ දායකත්වයක් ලබාදී ඇති අතර ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ආරක්ෂක ප්‍රජාව තුළ ක්‍රීඩාව පෝෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා සුවිශේෂි කාර්්‍යභාරයක් ඉටුකරනු ලැබිය.
4 වන CISM හමුදා වෙරළ වොලිබෝල් ශූරතාවලිය මෙන්ම 11 වැනි CISM ලෝක හමුදා ගොල්ෆ් ශූරතාවලිය වැනි ජාත්‍යන්තර හමුදා තරගාවලි සංවිධානය ද එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් හා අධික්ෂණය යටතේ සිදු කරනු ලැබු අතර එවැනි තරග සංවිධානය කිරිම මගින් ශ්‍රි ලංකා හමුදාවන්ට විදේශ හමුදාවන් හා සමිබන්තා ගොඩනංවා ගැනිමට ද අවස්ථාවන් උදාවන වන ලදි