22 C
Sri Lanka
Friday, June 27, 2025
Homeදේශීය පුවත්මෙතෙක් පී.සී.ආර්. සිදුකර නෑ ‘සුවසැරිය’ සේවකයෝ අනතුරේ

මෙතෙක් පී.සී.ආර්. සිදුකර නෑ ‘සුවසැරිය’ සේවකයෝ අනතුරේ

සුවසැරිය ගිලන් රථ සේවකයන් කිසිවෙකුගේත් පී.සී.ආර්. පරීක්ෂණ මේ වනතෙක් සිදුකර නොමැති බවත්, මේ හේතුවෙන් බොහෝ සේවකයන් රාජකාරියට වාර්තා කරන්නේ සිය ජීවිත පිළිබඳව ආසාව අත්හැරගෙන බවත් සුවසැරිය සේවක සංගමයේ සභාපතිනි මයුමි ප්‍රියංගනා පැවසුවාය.

මෙම ගිලන්රථ සේවකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන ලෙස කිහිපවරක්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට දන්වා සිටියත් පරීක්ෂණ සිදුකළහොත් මෙම සේවකයන්ගේ මානසික මට්ටම පහළ යනු ඇතැයි පවසමින් ඔවුන් එම කාර්යය මගහරින බවත් සභාපතිනිය ‘අරුණ’ට පැවසුවාය.

එමෙන්ම ඇය කියා සිටියේ මෙම සේවකයන් සඳහා නවාතැන් පහසුකම් ලබාදීමට හෝ නිසි වැඩපිළිවෙළක් අදාළ බලධාරීන් විසින් සකස් කරදී නොමැති බවය. මෙම සේවකයන් නවාතැන් ගන්නේ පොලිස් ස්ථාන, පල්ලි,කච්චේරි, පන්සල් වැනි ස්ථානවල බවත්, රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ මෙම පුද්ගලයන්ට මෙලෙස අනාරක්ෂිත ලෙස සිටීමට සිදුවී ඇත්තේ බලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා බව සභාපතිනිය වැඩිදුරටත් කියා සිටියාය.

මෙම සේවකයන්ගේ ගැටලු පිළිබඳව පවසා තමන් ඇතුළු සුවසැරිය සේවක සංගමයේ සාමාජිකයන් පසුගිය 24 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එදිනට පසු දිනයේම ඔවුන්ට සිය රැකියාව අහිමි වූ බවත් ඇය පැවැසුවාය.

සුවසැරිය සේවාවේ කාර්යක්ෂමතාව පිළිබඳව පවසන බලධාරීන්ට එම සේවාව කාර්යක්ෂව කිරීම සඳහා උපරිම දායකත්වය සපයන සේවකයන්ට සලකන්නේ ඉතාමත් අමානුෂීය ලෙසට බව සභාපතිනිය පැවැසුවාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments