25.3 C
Sri Lanka
Thursday, June 26, 2025
Homeදේශීය පුවත්LTTE අණ දෙන නිලධාරියා සොයා මැලේසියාවේ මෙහෙයුම්

LTTE අණ දෙන නිලධාරියා සොයා මැලේසියාවේ මෙහෙයුම්

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වර්තමාන අණ දෙන නිලධාරියා තමා බවට හඳුන්වාගන්නා පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා මැලේසියානු පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

නම අනාවරණය කර නොමැති මෙම පුද්ගලයා මැලේසියාවේ පොලිස්පති වන ටැන් ශ්‍රී අබුදුල් හමීඩ් බන්දෝර්ට වෙඩි තබන බවටද තර්ජනය කර ඇතැයි බර්නාම් ප්‍රවෘත්ති ඒජන්සිය (bernama news Agency) වාර්තා කරයි.

මෙම සැකකරු මැලේසියාවේ බුකිට් අමන් පොලිස් මූලස්ථානයට මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයටද පහර දෙන බවට ප්‍රකාශ නිකුත් කර තිබේ. බුකිට් අමන්හි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානී ඩතුක් හුසීර් මොහොමඩ් ප්‍රකාශ කර ඇත්තේ සැකකරු විද්‍යුත් තැපෑල (ඊමේල්) ඔස්සේ මෙලෙස තර්ජනය කර ඇති බවයි.

මෙම සැකකරුට එරෙහිව මැලේසියානු දණ්ඩනීති සංග්‍රහයේ 507 වගන්තිය සහ සන්නිවේදන හා බහු මාධ්‍ය පනතේ 233 වැනි වගන්තිය යටතේ චෝදනා ගොනුකර ඇත. මෙම සැකකරු මැලේසියාවේ හිටපු සුල්තාන්වරයා වන අල්-සුල්තාන් අබ්දුල්ලා, රියාදුනීන්ට එරෙහිවද අපහසාත්මක ප්‍රකාශ සිදුකර ඇතැයි බර්නාම් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments