29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපුපුරණ ද්‍රව්‍ය, මත්පෙති ජාවාරම් සහ ජර්මනියේ නිෂ්පාදිත ගිණි අවියක් සමග පුද්ගලයින් එස්.ටී.එෆ්.අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය, මත්පෙති ජාවාරම් සහ ජර්මනියේ නිෂ්පාදිත ගිණි අවියක් සමග පුද්ගලයින් එස්.ටී.එෆ්.අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත. ඒ් අනුව එම කාර්ය බලකාය ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වව්නියාව කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.කේ.බි.එස්.එන්. ගුණරත්න මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී දයාරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ත්‍රිකුණාමලය කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එස්.ඒ.සී. ශිරන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (12) කුච්චවේලි පොලිස් වසමේ එරක්කන්ඩි ස්ථානයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍යයක් වන කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 900 බර වෝටර් ජෙල් කූරු 45 ක් සන්තකයේ තබාගෙන සිටි එරක්කන්ඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

හෙරොයින් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අළුත්ගම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කළුතර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ඒ.ඒ.කේ රත්නායක මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී රණසූරිය මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය අළුත්ගම කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ජේ.ඩී.ඩබ්.එස්. ජයකොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (12) වැලිපැන්න පොලිස් වසමේ බොන්දුපිටිය ස්ථානයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 370 ක් සන්තකයේ තබාගෙන ජාවාරමේ යෙදී සිටි දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිපැන්න පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ජර්මනියේ නිෂ්පාදිත අති නවීන Arminus 38 වර්ගයේ රිවෝල්වර් අවියක් සමග පාතාලයේ දෙයියන්දර (සුමියා) පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් iii හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් iii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එන්.ටී. කුමාර් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) දෙයියන්දර පොලිස් වසමේ අංක 34, ගමේ කෑල්ල, දෙයියන්දර ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ජර්මානු රාජ්‍යයේ නිෂ්පාදිත Arminus 38 වර්ගයේ රිවෝල්වර් අවියක් සන්තකයේ තබාගෙන සිටි ගමේ කෑල්ල, දෙයියන්දර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක (සුමියා) යන අනුවර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙයියන්දර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

තවද මෙම අවිය මෙම පුද්ගලයා අතට පත් වී ඇත්තේ කෙසේ කෙසේද යන්න සහ මෙය අපරාධ සිදු කිරීම සදහා භාවිතා කර ඇද්ද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශණ සිදු කරණු ලබයි.

වවිනියාවෙ දි දිගු කලෙක පටන් මත්පෙති ජාවාරමෙි යෙදුන පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වව්නියාව කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.කේ.බි.එස්.එන්. ගුණරත්න මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේසේකර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඒ.ජී.එන්. කරුණාතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) වව්නියාව පොලිස් වසමේ කෝවෙල්කුලම් ස්ථානයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී Pregabalin 75 mg වර්ගයේ මත්පෙති 300 ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි දිගු කලෙක පටන් මත්පෙති අලෙවි කල වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වව්නියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments