25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්විපක්ෂයේ දේශපාලන පක්ෂ හා විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින් අතර හමුවක්.

විපක්ෂයේ දේශපාලන පක්ෂ හා විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින් අතර හමුවක්.

විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡා කරන්න විපක්ෂය මාධ්‍ය නියෝජිතයින් හමුවේ!

යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත පිළිබඳ විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම අද (07) විපක්ෂයේ පක්ෂ එකමුතුව විසින් සිදු කරනු ලැබීය.

ඒ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ය.

සාකච්ඡාවට දිවයිනේ බලපත්‍රලාභි සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ එහි නියෝජිතයින්,මාධ්‍ය සංවිධාන නියෝජිතයින් රැසක් සහභාගි වූ අතර යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු කාරණා සාකච්ඡා කරනු ලැබීය.

යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා වන විපක්ෂ එකමුතුවේ කමිටුව පත් කර ඇත්තේ, මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම හමුවේ දී ප්‍රකාශ කර සිටියේ අදාළ පනතට විරුද්ධ බවය. එම පනත හරහා මතුවන ගැටළු පිළිබඳවත්, එම පනත හරහා මාධ්‍ය ස්වාධීනත්වයට එල්ල වන බලපෑම පිළිබඳ වතෙහිදි විපක්ෂ නායක මා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරනු ලැබීය.

මාධ්‍ය ආචාරධර්ම වේවා, මාධ්‍ය නියාමන කරුණු කාරණා වේවා මාධ්‍ය සම්බන්ධ ඕනෑම දෙයක් රැගෙන ආ යුත්තේ රජයක් හෝ දේශපාලනඥයින් විසින් හෝ නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා එවැන්නක් ගෙන ආ යුත්තේ මාධ්‍ය විසින්ම බවද පැවසීය.

එබැවින්,ලෝකයේ දියුණු මාධ්‍ය සම්ප්‍රදායන් පවතින රටවල පනත් කෙටුම්පත් අධ්‍යයනය කොට සියලු දෙනාට පිළිගත හැකි ප්‍රශස්ත යෝජනාවලියක් සකස් කරන ලෙස විපක්ෂ නායකතුමා අදාළ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.

ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ විවිධ ප්‍රතිපාදන හරහා මාධ්‍ය මර්දනය කිරීමට බව පැවසූ විපක්ෂ නායකතුමා කිසිදු හේතුවක් මත මාධ්‍යයට වාරණ පැනවිය නොහැකි බවත් මාධ්‍ය නිදහස උපරිමයෙන් ක්‍රියාත්මක වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය කරුණක් බවත් අවධාරණය කළේය.

දැනට යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පතේ පවතින බරපතළ ගැටලු අටක් පිළිබඳව මහාචාර්ය ජී එල් පීරිස් මහතා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ අතර සමස්තයක් වශයෙන් මෙම පනත ප්‍රතික්ෂේප කළ යුතු බවද පැවසීය. වැඩිදුරටත් අදහස් දැක් වූ මහාචාර්ය ජී ඇල් පීරිස් මහතා මේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරන බවද පැවසීය.

මාධ්‍යවේදීන්ගේ වෘත්තිමයභාවය ගොඩ නැංවීමේ වැදගත්කම ඩලස් අලහප්පෙරුම මහතා විසින් මෙහිදී  අවධාරණය කරනු ලැබීය.ඒ විදිහට සිදු කරමින් සිටින්නේ මාධ්‍ය නිදහසට එරෙහිව පිඹුරුපත් සකස් කිරීම බවද ඒ මහතා අවධාරණය කළේය.

1996 අංක 26 දරන ටී.ආර්.සී පනතත් යෝජිත පනතට ඇතුළත් කොට ඇති බවත්, එය අතිශයින්ම බරපතල බවත් මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

පනතේ සාමාජිකයින් පත් කිරීම ද සංයුතිය ද අතිශය ගැටලු සහගත බව පැවසු ඒ මහතා එය ද අතිශය බරපතළ තත්ත්වයක් බව පැවසීය.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී එල් පිරිස්, ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිටියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න,නාලක ගොඩහේවා, චන්දිම වීරක්කොඩි, මහාචාර්ය චරිත හේරත්, වසන්ත යාපා බණ්ඩාර, ඇතුලු පිරිසක් ද එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments