විදෙස්ගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජවාරමිකරුවන් වන කොලොන්නාවේ ධනුෂ්ක හා චන්දන යන අයවලුන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සජී අක්කා පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් සිදුකර ඇත.
ඒ් අනුව එම විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. නදීක සිල්වා මහතාගේ මෙහෙයවෙීම ප්‍රකාරව පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ.එස්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) වැල්ලම්පිටිය පොලිස් වසමේ කොහිලවත්ත කුඩා බුත්ගමුව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
හෙරොයින් ග්‍රෑම් 252 ක් හා ජාවාරමින් උපයාගත් මුදල් යැයි සැක රුපියල් 461,300.00 ක් මුදලක් සමග කොළොන්නාව ප්‍රදේශයේ වයස අුරුදු 41 ක දෙදිවලගේ සජිවනි රූපිකා ප්‍රනාන්දු නොහොත් සජී අක්කා නැමැති කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය වෙත භාර දී ඇත.
මෙම සැකකාරියගෙන් වැඩි දුර ප්‍රශ්න කිරීමේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් වන දැනට විදේශ ගතව සිටින කොලොන්නාවේ ධනුෂ්ක හා සිංහපුර චන්දන යන අයවලුන් සමග සම්බන්ධතා පවත්වන බවට තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන කුඩු සලීදු නැමැත්තාගේ හා දැනට විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එගොඩ උයනේ තරංග යන අයගේ ගෝලයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අඹ මූණා සැඟව සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ (කොළඹ කලාපය) නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ වැටලීම් ඒකකයේ උ.පො.ප. ආර්.පී.ඩී.සී.ආර්. රාජපක්ෂ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) මොරටුව පොලිස් වසමේ අංක 5/5, කෝවීස් මාවත, මොරටුවැල්ල, මොරටුව ලිපිනයේ නිවසේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී දැනට අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන කුඩු සලීදු නැමැත්තාගේ හා දැනට විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එගොඩ උයනෙ තරංග යන අයගේ ගෝලයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දසුන්ත කුමාර දසනායක නොහොත් අඹ මූණා නැමැති මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 15, මිලි ග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
දිගු කලෙක පටන් උග්‍ර විෂ මත්ද්‍රව්‍ය වන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙි යෙදී සිටි පුද්ගලයකෙු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට*
විශේෂ කාර්ය බලකාය පුෂ්පාරාම උප කඳවුරේ නිලධාරීන්ට තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී විදුර දිසානායක මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය පුෂ්පාරාම උප කඳවුරේ පොලිස් පරික්ෂක යු.ඩි. සංජීව ප්‍රසන්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) වැලිගම පොලිස් වසමේ වැලිපිටිය, පුවාලුකොරටුව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
දිගු කලෙක පටන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙි යෙදුන ,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 43, මිලි ග්‍රෑම් 20 ක් හා ජාවාරමින් උපයාගත් යැයි සැක රුපියල් 1,850,000.00 ක මුදලක්, විද්‍යුත් තරාදියක් සමග වැලිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.