විපක්ෂයත්, ආණ්ඩුවත් තමා දකින්නේ එකම විදියට බවත් ජාතික වශයෙන් වැදගත් කරුණු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ අනුර කුමාර දිසානායක බවත් එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක වජිර අබේවර්ධන පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් සමග ඊයේ (02 වැනිදා) පැවැති සාකච්ඡාවකදීය. මෙහිදී ඔහු වැඩිදුරටත් මෙසේ කීවේය.
“මෙවර අයවැයෙන් රට නරක ආර්ථික රටාවකට තල්ලු කර තිබෙනවා. ජනතාවගේ සෞඛ්‍යය ශක්තිමත් කිරීමට ආහාරපානවල මිල අඩුකිරීමටත්, දේශීය ඖෂධවල මිල අඩු කිරීමටත් තිබුණා. නමුත් රජය සිගරැට්වලින්, මත්පැන්වලින් හා සූදු ඔට්ටුවලින් රුපියල් බිලියන ගණනක ආදායම් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ කියන්නේ ජනතාව මරණ මංචකයට දාලා ආදායම් ලබා ගන්නවා කියන එකයි.
එනිසා රනිල් වික්‍රමසිංහ මහතාට මන්ත්‍රී ධුරය දිය යුතුයි. පස් වතාවක්ම අගමැති වූ ඒ මහතාගේ බලාපොරොත්තුව අනාගත පරම්පරාවට ශක්තිමත් දේශපාලන පක්ෂයක් උරුම කර දීමයි.’