රජය දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීම සම්බන්ධව කිසිම කොන්දේසියක් ගැන කතා කරලා නැහැ. අපිට මතකයි දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීම සම්බන්ධව රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මැතිතුමාත් මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මැතිතුමාත් දිගින් දිගටම කිව්වා දේශීය ණය ප්‍රතිව්‍යුගත කරන්නේ නැහැ කියලා අවස්ථා කිහිපයකම කිව්වා එසේ කිව්වේ දේශීය තැන්පත්කරුවන්ට අර්ථසාධක අරමුදලට දේශීය බැංකුවලට ප්‍රශ්නයක් වෙයි කියලා නමුත් අද රජය කඩිමුඩියේ එය සම්මත කරගන්න අවශ්‍ය කටයුතු කරනවා.මේ සම්බන්ධව විපක්ෂය වත් ජනතාව වත් දැනුවත් කිරීමක් කර නැහැ රට දින 5 කට වහලා බැංකු පද්ධතිය වහලා කොටස් වෙළෙඳපොළ වහලා සම්මත කරගන්න හදනවා. කවද්ද පාර්ලිමේන්තුව තියන්න යන්නේ සෙනසුරාදා සහ ඉරිදා.මම පාර්ලිමේන්තුවේ අවුරුදු 35ක් ඉඳලා තියෙනවා ඉතිහාසයේ කවදාවත් මොන විශේෂ පනත ආවත් උතුරු නැගෙනහිර ප්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුනේ මිනීමැරුම් ත්‍රස්තවාදී සමයේ දී වත් ඉරිදා පාර්ලිමේන්තුව රැස්වුණේ නැහැ මොකක්ද විශේෂත්වයක් ආණ්ඩුව මොකක්ද වහන්න යන්නේ ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය පාර්ලිමේන්තුව රැස් කරද්දී පක්ෂ නායකයෝ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කැඳවනවා.ගිය සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කැඳවන්න තීරණය කළේ අද අඟහරුවාදා උදේ වරුවේ නමුත් ආණ්ඩුවත් කතානායකවරයාත් සිකුරාද දක්වා කල් දාලා කැබිනට් මණ්ඩලය රැස් කරන්නෙත් මේ ගැන කතා කරන්නේ බදාදා ඊයේ දින කතා කරල නැහැ මොකක්ද මේකෙ තියෙන රහස මොකක්ද කරන්න යන්නේ ඇතුලේ මොකක් හරි තියාගෙන ජනතාවත් රවට්ටලා පාර්ලිමේන්තුවත් රවට්ටලා යන ගමන ගැන සැකයක් තියෙනවා. අපෙන් අහනව මේකට විරුද්ධ ද කියලා ඔව් ශේහාන් සේමසිංහ මහත්මයත් විරුද්ධ බව ප්‍රකාශ කළා. මහ බැංකු අධිපතිතුමා විරුද්ධ බව ප්‍රකාශ කළා. විපක්ෂයක් රටේ මූල්‍ය කරුවන් සම්බන්ධයෙන් කල්පනා කරල විරුද්ධත්වය ප්‍රකාශ කළා. මේක ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා දන්නේ නැතුව අපි කොහොමද අනුමත කරන්නේ. ශෙහාන් සේමසිංහ මැතිතුමා දේශපාලනඥයෙක් මහ බැංකු අධිපතිතුමා දන්නවා මේ රටේ මූල්‍ය පද්ධතියට තැන්පත්කරුවන්ට අර්ථසාධක අරමුදලට ප්‍රශ්නයක් වෙනවා කියලා.අපි හිතනවා එතුමන්ලා ඒ ගැන තමයි කිව්වේ කියලා.නමුත් අද මේක වෙනස් කරලා ඒ කටයුත්ත කරනවා. අපි අහනවා මේ පිළිබඳව ඇයි ආණ්ඩුව කඩිමුඩියේ මෙහෙම වැඩ කරන්නේ මොකක් හරි දෙයක් තියෙන නිසා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා.
මෙය ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණුදෙනු කරන්න පටන් ගත්ත දවසෙ ඉඳන් පාර්ලිමේන්තුවේ දී දිගින් දිගටම ඉල්ලීම් කරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක තිබෙන ගිවිසුම ඉදිරිපත් කරන්න කියලා එය තවම රටට ලබා දීලා නැහැ එම ලියවිල්ල සභාගත කරලත් නැහැ.ජනාධිපතිතුමා පහුගිය යුරෝපීය සංචාරයේ දී ප්‍රංශයට ගිහින් තමයි කියන්නේ මේ ඉරිදා පාර්ලිමේන්තුව කැඳවනවා කියලා ලංකාවේදීත් නෙමෙයි ලංකාවේ ජනතාව වත් ඇමතිවරු වත් දන්නේ නැහැ ප්‍රංශයට ගිහින් කියනකම් මේ ඉරිදා පාර්ලිමේන්තුව රැස් වෙනවා කියලා. ඒක පුදුම වැඩක් අපේ රටේ පාර්ලිමේන්තුව රැස් කරන එක පණිවිඩය දෙන්නේ ප්‍රංශයේ මාධ්‍ය සාකච්ඡාවේ ඒකෙන් තමයි හැමෝම දැනගත්තේ එතකන් කවුරුත් දන්නේ නැහැ දැන් ඇයි මේ හදිස්සියේම රැස්වෙන්නේ මහ බැංකු අධිපතිතුමා ඊයේ ප්‍රකාශ කළා 29 ඉඳන් 03 වෙනිදා වෙනකන් සම්පූර්ණයෙන්ම දින 05ක් බැංකු ගනුදෙනු වසා දමනවා කියලා. කොටස් වෙළෙඳපොළ වහනවා. එහෙම වහලා තමයි ප්‍රතිව්‍යුහගත කරන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන්න යන්නේ ඒ කියන්නේ රටම ලොක්ඩවුන් කරල කරන්නේ මේකත් lockdown එකක් තමයි ප්‍රතිව්‍යුගත කරණය කරන්න යන්නේ ප්‍රශ්නය තියෙන්නේ ඇයි මේක ලොක්ඩවුන් කරලා කරන්න යන්නේ. මහ බැංකු අධිපතිතුමා සහ ඉන්න රාජ්‍ය ඇමතිවරු දෙන්නා කිව්වා දේශීය ණය ප්‍රතිව්‍යුගත කරණය කරන්නේ නැහැ කියලාල දැන් ඇවිත් කියනවා තැන්පත්කරුවන්ට බයවෙන්න එපා මොකුත් වෙන්නේ නැහැ කිව්වා මොකුත් වෙන්නේ නැත්නම් ඇයි රට lockdown කරල මේක කරන්නේ සාමාන්‍ය පාර්ලිමේන්තු සතියක කරන්න පුළුවන් ලංකා ඉතිහාසයේ කවදාවත් ඉරිදා පාර්ලිමේන්තුව රැස් වෙලා නෑ ඒ තරම් තියෙන හදිස්සියේ මොකක්ද?, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ පිළිබඳව කොන්දේසි දාලත් නැහැ කියනවා දේශීය ණය ප්‍රතිව්‍යුගත කරන්න ඉල්ලීමක් කරලා නැත්තන් ආණ්ඩුව ඇයි මේක මේ තරම් හදිස්සියේ කරන්න හදන්නේ ඒක තමයි තියෙන ප්‍රශ්නය.