26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු යුවළක් කොලොන්නාවේදී එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු යුවළක් කොලොන්නාවේදී එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

උග්‍ර විෂඅයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන තරුණ යුවළක් කොලොන්නාව ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අසල දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

දිවයිනේ සිදුවන මනුෂ්‍ය ඝාතන හේතුවෙන් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක සැලැස්මට අනුව රාජකාරී යොදවා සිටින විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කදවුරේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත ජයවර්ධනපුර කදවුරේ පොලිස් පරික්ෂක එම්.ඩී.ටී. මඩපාත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) වැල්ලම්පිටිය පොලිස් වසමේ කොලොන්නාව ලක්සද සෙවන මහල් නිවාස සංකීර්ණය පිටුපස රණසිංහ මාවතේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී පුද්ගලයකු හා කාන්තාවක් යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ඔවුන් නවතා එම පිරිමි පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2,132 තිබී අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී අනාවරණය කර ගත් තොරතුරු වලට අනුව අංක 1 සී/එෆ්5/යූ 23, නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21 මිලි ග්‍රෑම් 914 ක් අත්අඩංගුවට ගත් අතර අවුරුදු 21 ක් වන කොලොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයා සහ වයස අවුරුදු 17 ක් වන ලක්සද සෙවන, සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාව ඇතුළු දෙදෙනා ජංගම දුරකතන 02 ක් සහ යතුරු පැදිය සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.\

අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලි නායක ඌරු ජුවාගේ ගෝලයෙකු විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය හංවැල්ල ප්‍රදේශයේ විශේෂ මෙහෙයුම් රාජකාරි යෙදී සිටින නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරී කොඩිතුවක්කු මහතාගේ අධික්ෂණයෙන් පොලිස් පරික්ෂක එච්.ඩී. සංජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) හංවැල්ල පොලිස් වසමේ ජල්තර ලංකා ටයිල් කර්මාන්ත ශාලාව අසල දී වැටලීමක් සිදුකර අපරාධ හා මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ ඌරු ජුවා අපරාධ කල්ලියේ සාමාජිකයෙකු වන ජල්තර, රනාල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හංවැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මොහු සිදු කරන අපරාධ හේතුවෙන් විභාග වන්නා වූ නඩු වනුයේ 2019.09.15 වන දින මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් හෝමාගම මහ උසාවියේ නඩුවක් විභාග වේ,2021.04.14 වන දින පුද්ගලයෙකුට පහර දී තුවාල සිදු කිරීම හා අයතු ජනරාශිය හෝමාගම මහ උසාවියේ නඩුවක් විභාග වේ,මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් හෝමාගම මහ උසාවියේ නඩුවක් විභාග වේ,අධිකරණය මගහැර ඉදිරිපත් නොවී සිටීම සම්බන්ධයෙන් කඩුවෙල මහ උසාවියේ නඩු දෙකක් විභාග වේ.

මන්නාරම ප්‍රදේශයේ දිගු කලෙක පටන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙ යෙදුනු පුද්ගලයකු විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.ඒ. මනෝහර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) මන්නාරම පොලිස් වසමේ තාල්පාඩු සේක්ක වීදිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20, මිලි ග්‍රෑම් 74 ක් සන්තකයේ තබාගෙන ප්‍රවාහන කරන ලද මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු මත්ද්‍රව්‍ය යතුරු පැදියක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොහු දිගු කලෙක පටන් මන්නාරම ප්‍රදේශයේ අයිස් උග්‍ර විෂ මත්ද්‍රව්‍ය ජාවාරමෙි යෙදුන අයෙකු බව අනාවරණය විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments