31.6 C
Sri Lanka
Friday, October 3, 2025
Homeදේශීය පුවත්මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ විශේෂ රැකියා පොළක් ලබන (02) හැටන්හීදි...

මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ විශේෂ රැකියා පොළක් ලබන (02) හැටන්හීදි…

මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ විශේෂ රැකියා පොළක් ඔක්තෝබර් 02 වැනිදා උදේ 09.30 සිට දවස පුරා හැටන් ශ්‍රී පාද මහා විද්‍යාල පරිශ්‍රයේදී….

කම්කරු අමාත්‍යාංශය යටතේ පවතින මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන රැකියා පොළ වැඩසටහනක් මෙම මස 02 වැනිදා උදෑසන 09.30 සිට දවස පුරා හැටන් ශ්‍රී පාද මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වෙයි.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ හැටන් ප්‍රදේශය ආවරණය වන පරිදි ප්‍රදේශය තුළ සිටින රැකියා අපේක්ෂිතයන් හා රැකියා සපයන පෞද්ගලික ආයතන මෙන්ම පුහුණු ආයතන එක් ස්ථානයකට රැස් කොට තරුණ තරුණියන්ට රැකියාගත වීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි.

මෙහිදී පෞද්ගලික ආයතන 15 ක් සහ පුහුණු ආයතන 10 ක් පමණ සහභාගි කර ගනිමින් රැකියා අපේක්ෂිතයන්ට සේවා සැපයීමට සැලසුම් කර ඇත. මෙම රැකියා පොළ වැඩසටහනට පැමිණෙන රැකියා සහ පුහුණු අපේක්ෂිතයන් මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය තුළ ලියාපදිංචි කර ගැනීම ද එම දෙපාර්තමේන්තුව විසින් එදින සිදු කරනු ලබයි.

මෙම රැකියා පොළ වැඩසටහනට සහභාගි වන සියලු දෙනා රැකියාවක් අපේක්ෂා කරන පිරිස,වෘත්තීය මාර්ගෝපදේශ අවශ්‍ය පිරිස,ව්‍යවසායකයකු ලෙස සංවර්ධනය වීමට කැමති පිරිස සහ පුහුණු අවශ්‍යතා සහිත පිරිස වශයෙන් කාණ්ඩගත කොට ඔවුන් සඳහා අවශ්‍ය ඉදිරි වැඩසටහන් සකස් කිරීමට ද මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රම වෙළෙඳ පොළ තුළ ඇති වන නව ප්‍රවණතා පිළිබඳව දැනුවත් කිරීම ද මෙහිදී සිදු කරනු ලබන බව මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments